MOA (1)

 

 

   



කෘෂි සංවර්ධන අංශය

හැඳින්වීම
කෘෂිකාර්මික නවෝදයක් තුළින් ස්වයංපෝෂිත දේශයක් ගොඩනැඟීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ඉටු කරනු ලබන කාර්යභාරය තුලින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගනිමින් දේශීය ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමත් ආහාර ආනයන වියදම් අවම කිරීම පිණිස කාලීනව යෝග්‍ය වන දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කෘෂි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අරමුණ වේ.
වගකීම් හා කාර්යභාරය
  • වාර්ෂික අයවැය ඇස්තමේන්තු යටතේ කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් සඳහා වෙන්කරනු ලබන  ප්‍රතිපාදනයන් උපයෝගී කරගනිමින් ප්‍රමුඛතාවය අනුව හඳුනාගත් කෘෂි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණය කරනු ලබන අදාළ කෘෂි සංවර්ධන ව්‍යාපෘතීන් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන්ගේ අධීක්ෂණය තුලින් ක්‍රියාවට නැංවීම.
  • කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම.  
  • කාලීනව කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල ඇතිවන ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගැනීම පිණිස කෙටි කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග ගැනීම.
  • කෘෂිකර්ම ක්ෂේත්‍රය හා අදාළ වන සියළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය  හා පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධීකරණය මගින් කාර්යක්ෂම සහ ඵලදායී කෘෂි කර්මාන්තයක් ගොඩ නැංවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම.
  • කෘෂි සංවර්ධන කාර්යභාරය වඩා ඵළදායිමත් කිරීම පිණිස කෘෂි තොරතුරු හා කෘෂිකාර්මික දැනුම මහජනතාව තුල ප්‍රචලිත කිරීම සඳහා සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ කෘෂි කාර්මික  වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම. 

 

කෘෂි සංවර්ධන අංශය යටතේ පහත ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක වේ.

 

01.තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන - 2024 : මෙම ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160 ක ක්‍රියාත්මක වේ.

 

ප්‍රධාන අරමුණු :-

අනාගත අභියෝග ජයගැනීම සඳහා දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම තුලින් සංවර්ධන ඉලක්කයන් ලඟා කරගැනීම.

 

විශේෂිත අරමුණු :-

 

•ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම.
•තරුණ ප්‍රජාවගේ ප්‍රධාන අදායම් මාර්ග වැඩි දියුණු කිරීම හා අතුරු අදායම් මාර්ගයන් උත්පාදනය කිරීම සඳහා අවධානය යොමු කිරීම.
•පෝෂණ අවශ්‍යතා සපුරාගත් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීම.
•සාර්ථක කෘෂි නිෂ්පාදන අලෙවි වෙළඳ ජාලයක් ස්ථාපිත කිරීම.
•ජල සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම.
•හඳුනාගත් ව්‍යවසායකයින් විධිමත් කෘෂි ව්‍යාපාරිකයින් බවට පත් කිරීම.
•කෘෂිකර්මය කෙරෙහි තරුණ ප්‍රජාවගේ උද්යෝගිමත්භාවය හා ක්‍රියාශීලී දායකත්වය ලබා ගැනීම.
•ගොවීන්ගේ තාක්ෂණික දැනුම ඉහළ නැංවීම හා ඉහළ ගුණාත්මක උසස් කෘෂි යෙදවුම් භාවිතයට යොමු කිරීම.
•කාළගුණික විපර්යාසයන්ට මුහුණදීම පිණීස නවීන ජල කළමනාකරණ ක්‍රමවේද හඳුන්වා දීම.
•සත්ත්ව පාලන කටයුතු වැඩි දියුණු කිරීම.
•කෘෂි නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදනයන් හී ගුණාත්මකභාවය මෙන්ම ඵලදායීතාවය ඉහළ නැංවීම
•මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම.
•පසු අස්වනු හානි අවම කිරීම මෙන්ම අතිරික්ත කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරිමේ තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීම.
•විදේශ විනිමය ඉපැයීම.

 

02.ආහාර සුරක්ෂිතතාවය හා තාක්ෂණය වැඩසටහන - මෙම වැඩසටහන දිස්ත්‍රික්ක මට්ටමින් දැනට ක්‍රියාත්මක වේ.

 

03.කෘෂිකර්ම අංශ නවීකරණ වැඩසටහන.

 

වසර 2048 වන විට “සංවර්ධිත ශ්‍රී ලංකාවක්” ගොඩනැගීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපනයනය ඉලක්ක කර ගත් තරඟකාරී කෘෂිකාර්මික ආර්ථිකයක් ඇති කිරීම, කෘෂි නිෂ්පාදනයන්හි ඵලදායිතවය ඉහල නැංවීම, ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම, විරැකියාව හා දිළිඳුකම අවම කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

 

විශේෂිත අරමුණු :-

 

•ගොවියාට ලබා දෙන ණය මුදලේ ගනුදෙණු පිරිවැය අවම කිරීම.
•ගොවීන්ගේ සමාජ ආර්ථික තත්වයන් ඉහළ් නැංවීම.
•ග්‍රාමීය ගොවීන් අතර විධිමත් මූල්‍ය පද්ධතියක් වැඩි දියුණු කිරීම.
•ග්‍රාමීය ගොවීන් අතර වටිනාකම්දාම අලෙවිකර්ණය හා සම්බන්ධතා වර්ධනය කිරීම.
•ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම.
•නිෂ්පාදනයේ ඵලදායිතාවය ඉහළ නැංවීම.
•විදේශ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම.
•ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම.

 

 කාර්ය මණ්ඩලය: -

  1. අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන)                        - සුසන්ති චන්ද්‍රසේන මිය
  2. අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන)                                    -
  3. නියෝජ්‍ය අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන                   - එස්.ඒ.එස්.කේ. සේනාධීර මයා
  4. සංවර්ධන නිලධාරී                                                - එස්.ඩී. කුසුම් ශ්‍රියානි මිය
  5. සංවර්ධන නිලධාරී                                                - ඒ. වරුණි නිරෝෂා පෙරේරා මිය
  6. සංවර්ධන නිලධාරී                                                - කේ.ඒ. ඉන්දික කුරුප්පු මයා
  7. සංවර්ධන නිලධාරී                                                - ඩබ්. ඩී. රුවන් සම්පත් කුමාර මයා
  8. සංවර්ධන නිලධාරී                                                - ඒ. සී.පී. ධර්මදාස මෙය
  9. සංවර්ධන නිලධාරී                                                - එච්. ජී. ඩී. එන්. සෝමරත්න මෙය
  10. සංවර්ධන නිලධාරී                                                - ජේ.ආර්.එස්.එම්. ජයලත් මයා
  11. සංවර්ධන නිලධාරී                                                - සී.ඩී. බුලත්ගේ මිය
  12. සංවර්ධන නිලධාරී                                                - එච්. එච්.ආර්. පතිරණ මෙය
  13. සංවර්ධන නිලධාරී                                                - කේ.වී..එම්. උපමාලිකා මෙය
  14. සංවර්ධන නිලධාරී                                                - වී. යූ. උඩුවන මිය
  15. කාර්යාල සේවක සේවය                                        - ටී.එස්.පී. දිල්හාර මයා

 

 

  • උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග...

    උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද කළු ගඟ ජලාශය හරහා උතුරු මැද පළාතට ජලය ගෙනයනු ලබයි. මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව දක්වා පළමු අදියර යටතේ මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

    වැඩි දුරටත්...
  • වෘත්තීය ගැටළුක් පිළිබඳව සාකච්ඡා කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ...

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවයේ නියුතු මිනින්දෝරුවන් පිරිසක් ඔවුන්ව රජයේ සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (08) දින  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාව හමුවූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

    වැඩි දුරටත්...
  • ‘කිරි ඉතිරෙන රටක්’ජාතික වැඩසටහන ගැන දිස්ත්‍රික්ක දැනුම්වත් කිරීම...

    දේශීය කිරි කර්මාන්තය නඟා සිටවන ජාතික වැඩසටහන “කිරි ඉතිරෙන රටක්” යන තේමාවෙන් ක්‍රියාවට නංවනු ලබන Dairy Hub වැඩසටහන අද (8) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • අතහැර දමා තිබෙන දකුණු ආසියාවේ විශාලතම ඇක්වාපොනික් (Aquaponic) තාක්ෂණික...

    ලෝක බැංකුවේ කෘෂි නවීකරණ වැඩසටහනේ සහය යටතේ රුපියල් මිලියන 100ක ප්‍රදානයක් සහිතව, රුපියල් බිලියන 2ක් ඉක්මවන ආයෝජනයක් සහිතව දකුණු ආසියාවේ විශාලතම ඇක්වාපොනික් (Aquaponic) තාක්ෂණික හරිතාගාරය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුමාරකට්ටුව ග්‍රාමයේදී අක්කර 18ක භූමි භාගයක  අරඹා තිබුණ ද මේ වනවිට එය අතහැර දමා තිබේ.

    වැඩි දුරටත්...
  • දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සදහා වූ ඒකාබද්ධ ජල කලමනාකරණ ව්‍යාපෘතියේ...

    කොළඹ ශ්‍රැන්ගිලා හෝටල් පරිශ්‍රයේදී අද (30) දින පැවති දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සදහා වූ ඒකාබද්ධ ජල කලමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) අදාළ Symposium on Climate Action 2025 පැවැත්වුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

    වැඩි දුරටත්...
  • “බහුජාතික සමාගම් වෙනුවට ගොවීන්ගේ සමාගම් අපට අවශ්‍යයි.” පොදුජන ආර්ථික...

    සණස ව්‍යාපාරය මඟින් සංවිධානය කළ පොදුජන ආර්ථික සංසදය (People's Economic Forum) සඳහා කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා අද (26) දින සහභාගී විය. මෙම සංසදය පැවැත්වුණේ හිල්ටන් හෝටලයේදීය.

    වැඩි දුරටත්...
  • ශ්‍රී ලංකාව තුළ සත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී...

    ශ්‍රී ලංකාව තුළ සත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටළු සහ විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කළ සංවර්ධන වැඩසටහන් සඳහා...

    දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කළ සංවර්ධන වැඩසටහන් රැසක් පසුගියදා ආරම්භ කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

    වැඩි දුරටත්...
  • “අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත වෙනුවෙන් අපි එකතු වෙලා වැඩකරමු.” කෘෂිකර්ම,...

    කුකුළු මස් සහ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන හා විසිතුරු මසුන් අපනයන පහසුකරණ සහ ප්‍රවර්ධන වැඩසටහන 2025/09/16 දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාත් සභා නව ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

    වැඩි දුරටත්...
  • කෘෂිකර්ම,පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සහ...

      එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් පිරිසක් (04) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා හමු විය. ඒ ගොවිජන මන්දිරයේදීය. එහිදී ඉඩම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

    වැඩි දුරටත්...

IMG-20251002-WA0018 

Capture

Capture

 

sin

පුවත්

  • 1
  • 2
  • 3

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය