1.පශු සම්පත් අංශය පිළිබඳ කෙටි හැඳින්වීම
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, 2024 නොවැම්බර් මස 25 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2412/08 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ස්ථාපිත කර ඇති අතර, පරිපාලනයේ පහසුව උදෙසා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ලෙස අංශ හතරකට බෙදා ඇත. ඒ අනුව පශු සම්පත් අංශයට අදාළ තොරතුරු පහත පරිදි වේ.
v හැඳින්වීම
පශු සම්පත් අංශය මගින් පශු සම්පත් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමත්, දේශීය නැවුම් කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය ප්‍රමුඛව දේශීය කිරි නිෂ්පාදකයා ශක්තිමත් කරමින් දේශීය කිරි කර්මාන්තය නැංවීම මෙන්ම එළු‚ කුකුළු‚ සූකර ඇතුළු අනෙකුත් උප අංශ සංවර්ධනය කර තත්ත්වයෙන් උසස් ගුණාත්මක සත්ත්ව නිෂ්පාදන ප්‍රවර්ධනය හා පරිසර හිතකාමී ලෙස සත්ත්ව පාලනයේ යෙදීම දිරිගැන්වීම උදෙසා දේශීය සහ විදේශීය අරමුදලින් මූල්‍යනය වන විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
එමෙන්ම, වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක ආකාරයෙන් සත්ත්ව නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම මගින් ඉහළ යන දේශීය ඉල්ලුම සපුරාලීම සහ එමගින් පශු නිෂ්පාදන ආනයනය සඳහා වාර්ෂිකව වැය වන විදේශ විනිමය සීමා කිරීම යන අරමුණු පෙරදැරිව පශු සම්පත් සංවර්ධන අංශය කටයුතු කරනු ලබයි.
2.පශු සම්පත් අංශයට අදාළ කාර්යයන්
2024 නොවැම්බර් මස 25 වැනි දින අංක 2412/08 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට පැවරුනු කාර්යයන් අතරින් පශු සම්පත් අංශයට අදාළ විෂයයන් හා කාර්යයන් පහත පරිදි වේ.
v අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන පශු සම්පත් අංශය යටතට ගැනෙන දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන
v පශු සම්පත් විෂයය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නීති සහ අණපනත්
3.පශු සම්පත් අංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන වැඩසටහන්
vසතුන් අභිජනනය කිරීමේ ගොවිපොළ ස්ථාපනය කිරීමේ වැඩසටහන
ක්ෂේත්‍රයේ උසස් ආරයේ එළ ගව හා මී ගව ගහණය වැඩි කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණයි. මේ යටතේ රජයට අයත් හා පෞද්ගලික අභිජනන ගොවිපොළ සංවර්ධනය කිරීම, නවීන තාක්ෂණය භාවිතයෙන් ගව අභිජනනයට අදාළව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කෙරේ.
vකුඩා හා මධ්‍ය පරිමාණ පශු සම්පත් සංවර්ධනය (යටිතල පහසුකම් සංවර්ධනය)
පශු සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය මෙහි මූලික පරමාර්ථයයි. රජයේ හා රජයේ ආයතන සතු ගොවිපොළ සංවර්ධනය, විසිතුරු මසුන්, කුකුළු මස් හා බිත්තර අපනයන පහසුකරණය සඳහා අපනයනකරුවන් හා අළුතින් එකතුවන ව්‍යවසායකයින් සඳහා පහසුකම් සැලසීම ආදී කටයුතු සිදු කෙරේ.
vකුඩා හා මධ්‍ය පරිමාණ පශු සම්පත් සංවර්ධනය (සංවර්ධන සහායන්)
කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගව, කුකුළු හා සූකර ගොවිපොළ සඳහා හඳුනාගත් ගොවිපොළ යෙදවුම් සහනාධාර යටතේ ලබාදීම මෙහිදී සිදුකෙරේ.
vඑළු පාලනය තුළින් ජීවනෝපාය සංවර්ධනය යටතේ එළු සංවර්ධන ව්‍යාපෘතිය
රජයට අයත් තෝරාගත් ගොවිපොළ තුළ එළු අභිජනන ඒකක සංවර්ධනය කිරිම සහ පෞද්ගලික එළු ගොවිපොළ සඳහා හඳුනාගත් ගොවිපොළ යෙදවුම් සහනාධාර යටතේ ලබා දීම මෙහිදී සිදු කෙරේ.
| පශු සම්පත් අංශය | |||
| පොදු දුරකථන අංක: 0112 883 789, 0112 883 779, 0112 883 791 | |||
| තනතුර | නිලධාරියාගේ නම | දුරකථන අංකය | දිගු අංකය |
| පාලන අංශය | |||
| අතිරේක ලේකම් (පාලන) | ප්‍රියංගා එච්. හඳුන්හේව මිය | 011 – 2883982 | 200 |
| ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් | අයිරංගනී වීරසිංහ මිය | 011 – 2883973 | 201 |
| සහකාර ලේකම් | එස්.ඩි.අයි.එස්.සමරතුංග මයා | 207 | |
| පරිපාලන නිලධාරි | එච්.කේ.එස්.නිසංසලා මිය | 011 – 2883976 | 206 |
| භාෂා පරිවර්තක | යු.කේ.ඩි.කේ. දීපිකා මිය | 011 - 2179571 | 414 |
| අංශ ප්‍රධාන | 202 | ||
| පාලන අංශය | 203, 204, 208 | ||
| තැපැල් අංශය | 209 | ||
| ෆැක්ස් | 011 – 2883985 | ||
| පශු සම්පත් සංවර්ධන අංශය | |||
| අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) | අචාර්ය පී.එස්.ප්‍රනාන්දු මිය | 011 – 2883960 | 400 |
| අධ්‍යක්ෂ (පශු සම්පත් සංවර්ධන) | වෛද්‍ය බි.එස්.සංජික පෙරේරා මයා | 011 – 2883958 | 405 |
| අධ්‍යක්ෂ (සත්ත්ව අභිජනන) | වෛද්‍ය සාගරිකා සුමනසේකර මිය | 011 – 2883845 | 407 |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු සම්පත් සැළසුම්) | වෛද්‍ය සී. එන්. එස්. ගමගේ මයා | 011 – 2883944 | 401 |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු සම්පත් සැළසුම්) | වෛද්‍ය චමරි කන්නන්ගර මිය | 011 – 2883906 | 410 |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු සම්පත් සංවර්ධන) | වෛද්‍ය නදීකා ධර්මවර්ධන මිය | 011 – 2883918 | 412 |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (සත්ත්ව අභිජනන) | වෛද්‍ය මනෝජි ජයතිලක මිය | 011 – 2883905 | 411 |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (සත්ත්ව අභිජනන) | වෛද්‍ය ඉනෝකා පීරිස් මිය | 011 – 2883900 | 409 |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (සත්ත්ව අභිජනන) | වෛද්‍ය යු.එස්.ගුණරත්න මිය | 011 - 2883922 | 403 |
| සහකාර අධ්‍යක්ෂ | එම්. ඩී. පී. එස්. විජේගුණවර්ධන මයා | 011 – 2883902 | 408 |
| නීති නිලධාරි | කාංචනා ප්‍රියදර්ශනී මිය | 011 – 2883803 | 406 |
| ෆැක්ස් | පශු සම්පත් සංවර්ධන අංශය | 011 – 2883970 | 416 |
| ගිණුම් අංශය | |||
| ප්‍රධාන ගණකාධිකාරි | පී.එස්.අබේවික්‍රම මයා | 011 – 2883881 | 307 |
| ගණකාධිකාරි | එච්. එම්. බී. එම්. සෙනෙවිරත්න මිය | 011 – 2883994 | 301 |
| ගිණුම් අංශය | 303 | ||
| ෆැක්ස් | 011 – 2883997 | ||
| අභ්‍යන්තර විගණන අංශය | |||
| ප්‍රධාන අභ්‍යන්තර විගණක | එම්. ජී. කේ. එස්. දමයන්ති මිය | 011 – 2883992 | 600 |
| අංශ ප්‍රධාන ( විමර්ශන) |
601 | ||
| අංශ ප්‍රධාන (අභ්‍යන්තර විගණන) | 602 | ||
| අභ්‍යන්තර විගණන අංශය | 603 | ||
| සැළසුම් අංශය | |||
| අධ්‍යක්ෂ (සැළසුම්) | කේ. ඒ. ආර්. පීරිස් මිය | 011 – 2883866 | 500 |
| නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැළසුම්) | එච්.පි.ඊ.එම්.තිසේරා මයා | 011 –2883860 | 501 |
| සැළසුම් අංශය | 503 | ||
| ෆැක්ස් | 011 – 2883898 | ||
| තොරතුරු තාක්ෂණ අංශය | |||
| තොරතුරු තාක්ෂණ නිලධාරි | පී. එච්. එස්. නිශාන්ත මයා | 011 – 2883786 | 212 |