ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් ශී‍්‍ර ලංකාව නිල් පැහැ මුහුදින් වට වු කදුඑ බිදුවක හැඩය ගත් වර්ග කි.මී.65000 ක විශාලත්වයක් ඇති දිවයිනකි. වර්ෂය පුරා පැතිරුණු මධ්‍යස්ථ දේශගුණය" සාරවත් පස දසත පැතිරුණු ගංගා ජාලය තුළින් ලැබෙන අප‍්‍රමාණ ජලස්කන්ධය යල මහ දෙකන්නයේම වගා කිරීමට ප‍්‍රමාණවත් ජල සැපයුමක් සහිත මෝසම් වර්ෂා කාලයන් අප රටට ආවේණික වූ භෞතික දේශගුණික සාධකයන්ය.
මෙවන් හිතකර පරිසර සාධක තත්ත්වයන් යටතේ ජාතික ආර්ථිකය ආහාර සුරක්ෂිතතාව හා රැකියා නියුක්තිය කෙරේ කැපී පෙනෙන දායකත්වයක් සපයන කෘෂිකර්ම අංශය රටෙහි ප‍්‍රධාන ආර්ථික බලවේගයක් ලෙස කි‍්‍රයා කරයි. මෙරට ග‍්‍රාමීය ආර්ථිකයෙහි බහුතරයකගේ ප‍්‍රධාන ජීවනෝපාය බවට පත්ව ඇති කෘෂිකර්මාන්තය දිළිදු බව පිටු දැකීම විෂයෙහි ඉතා අනර්ඝ කාර්යභාරයක් ඉටු කරයි. නිදහසින් පසු බලයට පත් සියඑම ආණ්ඩු කෘෂිකර්මය සදහා වෙනම කැබිනට් අමාත්‍ය ධූරයක් පත් කරනු ලැබූයේ ද දේශීය ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ සුවිශේෂී වැදගත්කම හදුනාගෙන තිබුණු බැවිනි.
මෙම තත්ත්වය මැනවින් හඳුනාගත් කෘෂිකර්ම අමාත්‍යාංශය සිය මෙහෙවර සාක්ෂාත් කරගනු වස් අදාළ ආයතන වලට අවශ්‍ය උපදෙස් සපයමින් හා නිසි සම්බන්ධීකරණය පවත්වා ගනිමින් තිරසාර කෘෂිකර්ම සංවර්ධනයකට මංපෙත් හෙළි කරමින් සිටී.
දැක්ම
“ආහාර සුරක්ෂිතතාවය හා ජාතික සමෘද්ධිය උදෙසා කාර්යක්ෂම, ඵලදායී හා ශක්තිමත් කෘෂිකාර්මික අංශයක්”
මෙහෙවර
“ස්වභාවික සම්පත් තිරසාර කළමනාකරණය තුළින් සමාජීය වශයෙන් පිළිගත් නව්‍ය හා වාණිජමය නැඹුරුවකින් යුතුව, ගෝලීය තරඟකාරී නිෂ්පාදනයන් බිහිකරන ව්‍යවසායකත්ව කෘෂිකර්මාන්තයක් සාක්‍ෂාත් කර ගැනීම”