MOA (1)

 

 

   



දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සදහා වූ ඒකාබද්ධ ජල කලමනාකරණ ව්‍යාපෘතියේ සම්මන්ත්‍රණය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

WhatsApp Image 2025-09-30 at 17.47.09

කොළඹ ශ්‍රැන්ගිලා හෝටල් පරිශ්‍රයේදී අද (30) දින පැවති දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සදහා වූ ඒකාබද්ධ ජල කලමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) අදාළ Symposium on Climate Action 2025 පැවැත්වුණේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

දේශගුණ විපර්යාසයන්ට අනුහුරුවීම සදහා වූ ඒකාබද්ධ ජල කලමනාකරණ ව්‍යාපෘතිය හෙවත් වැව් ගම් පුබුදුව වියළි කලාපීය ගංඟා ද්‍රෝණි 03ක් තුළ එල්ලංගා පද්ධති ආශ්‍රිතව වසර 08ක් පුරා දිස්ත්‍රික්ක 07 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි. දේශගුණ විපර්යාසයන්ට මුහුණදෙන වියළි කලාපීය ග්‍රාමීය වැව් ආශ්‍රිත වී ගොවියන්ගේ ආදායම ඉහළ නැංවීමට සහ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ව්‍යාපෘතියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළේය.

මට අනුව මේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක්. මම ව්‍යාපෘතිය ගැන ජනතාව සමඟ කතා කළා. ජනතාව මේ ව්‍යාපෘතිය සමඟ හොඳින් බැඳිලා හිටියා. අපේ රටේ යම් ව්‍යාපෘතියක්  සාර්ථක වෙන්න නම් හොද අධ්‍යක්ෂවරයෙක් වගේම හොඳ කාර්යය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මෙම ව්‍යාපෘතිය ඉතා දක්ෂ ලෙස කාර්යය මණ්ඩලය හසුරුවලා තියෙනවා. ඒ වගේම ග්‍රාම සේවක මහත්තයා, ගොවිජන සංවර්ධන නිලධාරියා, වාරිමාර්ග නිලධාරියා වගේ රාජ්‍ය නිලධාරීන් මනාව හසුරුවාගෙන තියෙනවා. ව්‍යාපෘතියක් සාර්ථක කර ගන්න නම් රාජ්‍ය නිලධාරීන් මනා ලෙස  කලමනාකරණය කර ගත යුතුයි. ගමක ව්‍යාපෘතියක් සාර්ථක වෙද්දි නිලධාරීන්ගේ සහය ලබා ගැනීම අපහසුයි. නමුත් වැව් ගම් පුබුදුවව්‍යාපෘතිය ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තිබෙනවා. ඒ වගේම ව්‍යාපෘතිය සංස්කෘතියට ගලපා ගැනීමත් වැදගත්. ජන ජීවිතය, දින චර්යාව, සංස්කෘතිය අවබෝධ කරගෙන මෙම ව්‍යාපෘතිය කටයුතු කරලා තියෙනවා.

අපේ රට හඳුන්වන්නේ වැව් බැදි රාජ්‍යය කියලා. අපි වැව් හාරන්නෙ නැහැ. වැව් බදිනවා. වැව් ගම් පුබුදුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දි ඒ අය වැව ගැන හොද අවබෝධයෙන් කටයුතු කරලා තියෙනවා. වැව් බැම්ම ආවරණය  වන ප්‍රදේශය නැවත වගා කරන්න කටයුතු කරලා තිබුණා. එතනට සත්තු එද්දි ඒ සතුන්ගේ පැවැත්ම ආරක්ෂා වෙනවා.

වැව කියන්නෙ විශාල පද්ධතියක්. ශාක පද්ධතියක්. සත්ත්ව පද්ධතියක්. වැව් ගම් පුබුදුවයටතේ ඒ පද්ධති නැවත සකස් කළා. ව්‍යාපෘතිය මේ සියල්ල දැන හැඳින කටයුතු කළ බව ජනතාව එහි ප්‍රතිලාභ භුක්ති විදි බව මා දුටුවා. පරිසර සමතුලිතභාවය, ජල සංරක්ෂණය පැත්තෙන් මේ ව්‍යාපෘතිය සාර්ථකයි. තවත් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මෙහි අත්දැකීම් වැදගත්.

මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී වික්‍රමසිංහ මහතා සහ ව්‍යාපෘතියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

WhatsApp Image 2025-09-30 at 17.47.091 

WhatsApp Image 2025-09-30 at 17.47.11 

WhatsApp Image 2025-09-30 at 17.47.13 

WhatsApp Image 2025-09-30 at 17.47.14 

WhatsApp Image 2025-09-30 at 17.47.16 

WhatsApp Image 2025-09-30 at 17.49.41 

WhatsApp Image 2025-09-30 at 17.49.42 

WhatsApp Image 2025-09-30 at 17.49.43 

 

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය