MOA (1)

 

 

   



නකල්ස් ව්‍යාපෘතිය මඟින් සිදු කරගෙන යන ව්‍යාපෘතිවල එක් ව්‍යාපෘතියක් වන පෝටාමුල්ල ඇළ නවීකරණය කිරීම සහ නව අමුණු ඉදි කිරීමේ උත්සවයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහභාගී වෙයි.

කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ GCF නකල්ස් ව්‍යාපෘතිය (දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය) ක්‍රියාත්මක වේ. නකල්ස් කඳුකර කලාපයේ කෘෂිකර්ම, ග්‍රාමීය හා වතු ප්‍රජාවන් දේශගුණ විපර්යාසයන්ට අනුගත කිරීම GCF නකල්ස් ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

එහි මුල්‍ය ප්‍රතිපාදන තුළින් කඳුකර කලාපවල මූලාශ්‍ර සුරක්ෂිත කොට පහළ නිම්න කෘෂිකාර්මික, ග්‍රාමීය හා වතු ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන සුළු වාරිමාර්ග නව්‍යකරණය වැඩසටහන යටතේ මෙම ඇළ නවීකරණය කිරීම සහ නව අමුණ ඉදිකිරීම සිදු කරන ලදී.

මෙහිදී අමාත්‍යවරයා විශේෂ අදහස් කිහිපයක් ඉදිරිපත් කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ තමයි එකමිටට - ගොවි බිමටවැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. දේශපාලකයා, නිලධාරීන් ගොවිජනතාව ඇතුළු නොයෙක් සමාජ කණ්ඩායම් එකතු කරගෙන වගා නොකරන ඉඩම් වගා කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් තමයි මේක. ඒකයි මුලින්ම එකමිටට කියලා යොදලා තියෙන්නේ. විවිධ හේතු නිසා වගා කළ හැකි, එහෙත් වගා නොකර තියෙන ඉඩම් වගා කිරීම තමයි මේ වැඩසටහනේ මූලික අරමුණ. මේක කරන ගමන් අපේ දිය ඇළි ආරක්ෂා කරන්න  ඕන, ගහකොළ ආරක්ෂා කරන්න ඕන. ඇළවේලී හදා ගන්න ඕන. මේ වගේ නොයෙක් දේවල් සඳහා නකල්ස් ව්‍යාපෘතියෙන් මුදල් යොදවලා තියෙනවා. එහෙම එකක් තමයි අද මේ පටන් ගන්න යන්නේ.

ගොවිජන ජීවිතය නඟා සිටුවීම වෙනුවෙන් වර්තමාන රජය ගෙනියන මෙම වැඩසටහන පිළිබඳ සියලු දෙනා ප්‍රශංසාවෙන් අදහස් පළ කළ අතර, මෙම අවස්ථාව සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා, නකල්ස් ව්‍යාපෘති අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා ඇතුගල මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශයේ ගොවිජනතාවද සහභාගී විය.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය