2021 වසරේදී නිම කිරීමට නියමිතව තිබූ උමා ඔය බහු කාර්ය සංවර්ධය ව්‍යාපෘතියේ ඉතිරි නිම කිරීම් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ ඩී. ලාල් කාන්ත මහතාගේ මූලිකත්වයෙන් අද දින වැල්ලවාය,බුදුරුවගල වැව අසලදී ආරම්භ විය.
උමා ඔයේ ජල සම්පත,උමා ඔය නිම්නයේ සංවර්ධනය සදහා මෙන්ම උග්‍ර ජල හිගයෙන් පීඩා විදින වෙල්ලස්ස කිරිදි ඔය ද්‍රෝණියේ සංවර්ධනය සදහා යොදා ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ විය. උමා ඔය සහ මාතොටිල්ල හරහා ඉදිවන ජලාශ දෙකට එක් රැස් කරනු ලබන ජ්ලය නැවත උමං මාර්ගයක් ඔස්සේ වල්ලවාය ප්‍රදේශයට එවීම මෙහි මූලික සැලැස්ම විය.
මෙමගින් එම ප්‍රදේශ වල ජනතාවගේ උග්‍ර පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමටත්,ඉතිරි ජලය වගා කටයුතු සදහා යෙදවීමට ද නියමිතය.
තවද භූගත ජල උමං මාර්ගයේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරයෙන් වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120 ක් ලබා දීම ද මෙහි එක් අරමුණකි.
මෙම ව්‍යාපෘතියේ සියළු ඉදිකිරීම් නිම කිරීමෙන් පසු තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල අක්කර 6000 ක පමණ වපසරියක වෙසෙන ගොවි පවුල් 10,000 කට පමණ ප්‍රතිලාභ හිමි වේ.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් මෙන්ම ප්‍රතිලාභී ප්‍රදේශවාසීන් ද සහභාගී විය.