MOA (1)

 

 

   



බිම් සවිය වැඩසටහන පිළිබඳ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක්වෙයි.

දැනට ක්‍රියාත්මක වන බිමි සවිය වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (24) දින සහභාගී වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය.

මෙහිදී බිම් සවිය වැඩසටහනෙහි පවතින අඩුපාඩු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. බැංකුවක් හරහා බැංකු ණයක් ලබා ගැනීමේදී බිම් සවිය මඟින් ලබා දෙන ලේඛනය පිළිගන්නා තත්ත්වයකට ගෙන ඒමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂා කරන ලද්දේ රටේ සීඝ්‍ර දියුණුවක් ඇති කිරීම වුවද එහි නිසි ප්‍රතිඵල ලැබෙනවාදැයි නැවත වරක් සළකා බැලිය යුතුය. ප්‍රධාන වශයෙන් නිශ්චිත ක්‍රමවේදයක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක නොවීමත්, ඇතැම් නිලධාරීන් මේ පිළිබඳව දක්වන නොදැනුවත්භාවයත් බිම් සවිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමට හේතු වී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාව නියෝජනය කරමින් පැමිණ සිටි මිනින්දෝරු සංගමය මෙහිදී ඉඩම් පිළිබඳ තොරතුරු පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය මතු කළේය. තවද මෙම අවස්ථාවේදී ඉදිරිපත් වූ තවත් යෝජනාවක් වූයේ ඉඩම් නිරවුල් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සහ බිම් සවිය වැඩසටහනට අදාළ නිලධාරීන් සහභාගී විය.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය