කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



මූල්‍ය අංශය

 

හැඳින්වීම
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ සැපයුම් සේවා නෛතික රාමුව තුල ඉටුකර ගැනීම හා ඒ සඳහා වියදම් දැරීම, රජයේ වත්කම් ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම සහ මූල්‍ය තොරතුරු වාර්ථාකරණය සඳහා සංවිධාන ගත වී ඇත.

 

සේවාවන්

 

  • විසර්ජන පනත මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන උපයෝගී කරගෙන කරනු ලබන වැය දැරීම් හා රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් කටයුතු සිදු කිරීම.
  • අමාත්‍යාංශයේ වාර්ෂික වියදම් හා ආදායම් ඇස්තමේන්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • අමාත්‍යාංශය යටතේ පවතින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතන වෙත උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙමින් ඒවායේ මූල්‍යමය අධීක්ෂණයන් සිදු කිරීම.
  • අමාත්‍යාංශයේ සියළුම සැපයීම්  හා මිල දී ගැනීම් ප්‍රසම්පාදනය හරහා සිදු කිරීම.
  • අමාත්‍යාංශයේ ස්ථාවර වත්කම් හා පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳ ඉන්වෙන්ට්‍රි, ලේඛන පාරිභෝගික ද්‍රව්‍ය,ලේඛන පවත්වාගෙන යාම, අධීක්ෂණය කිරීම හා ගබඩා පරිපාලනය පවත්වාගෙන යාම.
  • වාර්ෂික භාණ්ඩ සමීකෂණ පැවැත්වීම හා පසු විපරම් කටයුතු සිදුකිරීම.
  • රජයේ ව්‍යාවස්ථාපිත මණ්ඩල 05 ක මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණයන් සිදුකිරීම.
  • සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සියළුම පළාත් සභා, දිස්ත්‍රික් ලේකම්වරු හා අමාත්‍යාංශ යටතේ පවතින සියළුම ව්‍යවස්ථාපිත මණ්ඩල හා දෙපාර්තමේන්තු වෙත අවශ්‍ය ප්‍රතිපාදන මෙන්ම මුදල් වෙන්කර දීම හා වියදම් වාර්තා ගෙන්වා ගෙන ඒවා භාණ්ඩාගාර පරිගණක වාර්තා අනුව සැසඳේ ද යන්න පරීක්ෂා කිරීම.
  • අමාත්‍යාංශය, අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල සහ ආයතන වල හා ව්‍යාපෘතීන්ට අදාළව විගණන කටයුතු වල සම්බන්ධීකරණයන් සිදුකිරීම.
  • පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභා වල විමසුම් වලට පිළිතුරු සැපයීම හා ඒවායේ පරීක්ෂණ කටයුතු වලට සහභාගී වීම.

 

 

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය