කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



ගොවි භාරකාර අරමුදල

අංශය පිළිබඳ හැඳින්වීම

 

ආරම්භය

ගොවීන්ගේ භාරකාර අරමුදල 1994 මාර්තු මස 09 වන දින රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් වරයා හා අරමුදල වෙනුවෙන් එවකට කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් , එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්, කෘෂිකර්ම නිෂ්පාදන හා අලෙවි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්, ගොවිජන සේවා කොමසාරිස් හා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගෙන් සමන්විත මණ්ඩලයක් අත්සන් තැබූ භාරකාර ඔප්පුවක් මගින් ස්ථාපනය කර ඇත.

 

කලමනාකරණ ව්‍යුහය

වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පහත පරිදි සංයුක්ත වේ.

             ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශය                                                -  සභාපති

             කොමසාරිස් ජනරාල්, ගොවිජන සංවර්ධන දේපාර්තමේන්තුව     - සාමාජික

             ප්‍රධාන ගණකාධිකාරී, කෘෂිකර්ම අමාත්‍යාංශය                             - සාමාජික

             භාණ්ඩාගාර නියෝජිත                                                               - සාමාජික      

 

ගොවීන්ගේ භාරකාර අරමුදල මඟින් සපයන සේවාවන්

1994 දී ස්ථාපිත භාරකාර ඔප්පුවේ සඳහන් වන ආකාරයට හා 2002 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල සංදේශයක් මඟින් අරමුණු පුළුල් කිරීම මඟින් ගොවීන්ගේ භාරකාර අරමුදල පහත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

Øශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය හා ගොවිජනතාවගේ සුභ සාධනය

Ø“සුළු ගොවීන්ට” කෙටි කාලීන කෘෂිකාර්මික ණය පහසුකම් සැලසීම.

Ø“සුළු ගොවීන්ට” කෘෂිකාර්මික යෙදවුම් සම්පාදනය.

Øසුළු ගොවීන්ගේ මූල්‍ය දුෂ්කරතාවයන් මගහරවා ගැනීම සඳහා ණය පහසුකම් සැලසීම.

Øසුළු ගොවීන්ගේ කෘෂිකාර්මික සංවර්ධනය ප්‍රදර්ශන, ආදර්ශන හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළු නියාමක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

Øබෝග හා සත්ත්ව නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය වෙනත් අනුග්‍රහයන් ලබා දීම.

Øකෘෂිකාර්මික සංවර්ධනයට පහසුකම් සැලසීම සඳහා විශේෂ කෘෂිකාර්මික ක්‍රියාත්මක කිරීම.

 

අංශයේ මාණ්ඩලික නිලධාරින් -

ලේකම් (ගොවින්ගේ භාරකාර අරමුදල)

ගණකාධිකාරි (ගොවින්ගේ භාරකාර අරමුදල)

නියෝජ්‍ය අධ්‍යක්ෂ - ව්‍යාපෘති නියාමන (ගොවින්ගේ භාරකාර අරමුදල)

 

අනිකුත් නිලධාරින් -

සංවර්ධන නිලධාරි

කළමනාකරණ සහකාර

කාර්යාල කාර්ය සහයක

 

දුරකථන අංකය :  0112878677

ඊමේල් ලිපිනය  : moafarmer444@gmail.com

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය