කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



තිරසාර කෘෂිකාර්මික ජල කළමනාකරණ ව්‍යාපෘතිය

susහැදින්වීම

තිරසාර කෘෂිකාර්මික ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පළමු අදියර 2005 වර්ෂයේදී ආරම්භ කළ අතර ඒ යටතේ වියළි කළාපීය ප්‍රදේශ වල කෘෂිකාර්මික කටයුතූ සදහා ජලය සැපයීම පිණිස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්පයක් හා බිංදු ජල තාක්ෂණය සහිත නල පද්ධති ඇතූලත් සූර්ය බල ජල සූක්ෂම පද්ධති 5,000ක ප්‍රමාණයක් 2007 වර්ෂයේ ජූලි මාසය වන විට ස්ථාපනය කර ඇත.
මේ වන විට පළමු හා දෙවන අදියරෙහි උපකරණ කට්ටල 6000ක් පමණ ගොවීන්ගේ වගා ක්ෂේත්‍රයේ සවිකර ඇති අතර මෙම ව්‍යාපෘතිය අනුරාධපුරය, පොළොන්නරුව, වව්නියාව, මඩකලපුව, ත්‍රිකූණාමලය, අම්පාර, බදුල්ල, මොණරාගල, මහනුවර, රත්නපුරය, හම්බන්තොට, මාතලේ,  කූරeණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්ක 14 ක ක්‍රියාත්මක වේ.

අරමුණ

වියළි කළාපයේ ගොවීන් සදහා සූර්ය බලය උපයෝගී කොටගෙන බිංදු ජල සම්පාදනය සමග පොහොර යෙදීමේ ක්‍රමය ප්‍රචලිත කිරීම තූලින් ජලය සහ පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම,පොසිල ඉන්ධන සදහා යන වියදම ඉවත් කිරීම නිසා යෙදවුම් සදහා යන වියදම අඩු කිරීම මගින් වර්ෂය පුරා එළවඵ සහ අතිරේක ආහාර බෝග වල නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

සූර්ය බල ජල සූක්ෂම පද්ධති වල මූලික උපාංග හා තාක්ෂණය

සූර්ය ශක්තිය අවශෝෂණය කර ගන්නා පැනලයක්, පරිගණකගත පාලකයක්, ජල පොම්පයක්, ජලයට පොහොර මිශ්‍ර කිරීමේ ටැංකියක්, පෙරහනක් හා සෙ.මී. 30 ක පරතරයකින් යුතුව සැකසූ ජලය සැපයීමේ සිදුරු සහිත නල පද්ධතියක් මෙම මෙවලමට ඇතුලත් වේ.

මෙම සූර්ය බල ජල සූක්ෂම පද්ධතිය මගින් සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තියට පරිවර්තනය කර එමගින් ජල පොම්පයක් ක්‍රියාත්මක වීමට සළස්වා එයට සම්බන්ධ පොහොර ටැංකියට පොහොර ද යොදා බිංදු ජල තාක්ෂණය සහිත නල පද්ධති මගින් බෝග වගාවට ජලය සහ පොහොර සැපයීම සිදු වේ.

ජලය කාර්යක්ෂමව යෙදෙන බැවින් සාපේක්ෂව අඩු ජල ප්‍රමාණයකින් අක්කර භාගයක පමණ භූමියක එළවඵ හා වෙනත් අතිරේක බෝග වගා කිරීමට මෙම පද්ධතිය මගින් අවස්ථාව සැලසෙන අතර ඉන්ධන භාවිතයක් නොමැතිව මෝටරය ක්‍රියා කරන බැවින් පරිසර දූෂණය අවම කිරීම නිසා මෙය පරිසර හිතකාමී නව තාක්ෂණික ක්‍රමයකි.

ඕස්ට්‍රේලියාවේ බී.පී. සෝලා සමාගම විසින් මෙම තාක්ෂණය සහිත සූර්ය බල ජල සූක්ෂම පද්ධති ණය ගිවිසුමක් යටතේ සපයනු ලබන අතර සූර්ය පැනලය සදහා වසර 25 ක ද මෝටරය සහ පොහොර ටැංකිය සදහා වසර 10 ක් සහ අනෙකුත් උපාංග සදහා වසර 03 ක වගකීමේ සහතිකයක්ද කට්ටලය සදහා ලබා දී තිබේ.

සූර්ය බල ජල සූක්ෂම පද්ධති මගින් සැළසෙන විශේෂ වාසි

farm

  • සුර්යාලෝකයේ තීව්රතාවය අනුව ජල පොම්පය ස්වයංක්‍රීය ක්‍රියාත්මක වීම . මෙහිදී ශක්ති ප්‍රභවය සූර්යාලෝකය බැවින් ජල පොම්පය ක්‍රියාත්මක කිරීම සදහා ඉන්ධන හෝ විදුලි බලය අවශ්‍ය නොවීමෙන් ඒ සදහා වියදම් දැරීමට සිදු නොවීම
  • වියළි කාලවලදී වුවද වගා ලිං වල ඉතිරිව පවතින කුඩා ජල ප්‍රමාණයකින් වූවද අක්කර භාගයක පමණ භූමියක එළවඵ හා වෙනත් අතිරේක බෝග වගා කළ හැකි වීම
  • වගාවට අවශ්‍ය පොහොර ජලයට මිශ්‍රකර නල පද්ධතිය මගින් බෝගයේ මූල පද්ධතියටම සැපයිය හැකි වීම
  • ජලය හා පොහොර සැපයීම බෝගයේ මුලට පමණක් සිදුවන නිසා වල් ප්ලෑටි වැවීම සාපේක්ෂව අඩු වීම
  • වල්පැල ඉවත් කිරීම හා පොහොර යෙදීම සදහා කම්කරු අවශ්‍යතා අවම වීම
  • ජලය අඛණ්ඩව සැපයෙන බැවින් බෝගයේ වර්ධනය අඛණ්ඩව සිදු වී ගුණාත්මක භාවයෙන් වැඩි ඉහළ අස්වනු ලැබීමේ හැකියාව හා එමගින් අස්වනු සදහා ඉහළ වෙළදපොල විභවයක් පැවතීම සහ වගා කන්නයකට සීමා නොවී අවාරයේදී වගා කළ හැකි බැවින්, අවාරයේදී ලැබෙන අස්වනු සදහා ඉහල මිලක් ලබාගත හැකි වීම
  • ජල සම්පාදනය සහ පොහොර යෙදීම සැකසූ පසු ස්වයංක්‍රීයව ක්‍රියා කරන බැවින් ගොවියාගේ කාලය වෙනත් රැකියාවක් සදහා යොදාගත හැකි වීම 

සූර්ය බල ජල සුක්ෂම පද්ධතියක වටිනාකම හා වාරික මුදල්

දැනට ක්‍රියාත්මක වන දෙවන අදියරේ දී පද්ධති ලබා දීම සමෘද්ධි බැංකු සමග සම්බන්ධ වී සිදු කෙරේ. එහිදී පහත සදහන් මුලික සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසු සමෘද්ධි බැංකු සාමාජිකත්වය ඇති ගොවීන් සදහා රු. 10,000/- ක මූලික තැන්පතුවක්ද සමෘද්ධි බැංකු සාමාජික නොවන ගොවීන් සදහා රු. 25,000/- ක මුලික තැන්පතුවක් ගෙවීමෙන් අනතුරුව පද්ධති ලබාදීම සිදු කෙරේ. අනතුරුව පද්ධති සවිකර මාස 06 ක් ඉක්මවූ පසු මාසිකව රු. 3665/- ක මුදලක්, වාරික 120 කින් ගෙවා නිම කිරීමෙන් අනතුරුව පද්ධතියේ අයිතිය ගොවියා සතු වේ. කට්ටලයක මිල රු. 3,45,452.25 කි. ණය මුදල් ගෙවා අවසන් වනතුරු පද්ධතියේ අයිතිය කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය සතුය.

පද්ධතියක් ඉල්ලුම් කිරීම සදහා සැපිරිය යුතු මුලික සුදුසුකම්

  • වියළි කළාපයේ ජීවත්වන ගොවි මහතකු හෝ මහත්මියක වීම
  • වියළි කළාපයේ අවමය දිනකට ලීටර් 7000 ක පමණ ජල ධාරිතාවයක් ඇති කෘෂිකාර්මික වගා ළිදක් හෝ ඒ හා සමාන ජල ප්රිභවයක් තිබීම
  • අක්කර භාගයක අවම වපසරියක් සහිත ඉඩමක් තිබීම
  • ගොවිතැනෙහි නියුතු අයෙකු වීම
  • බැංකු කටයුතු වලදී හොද ගණුදෙනුකරුවකු වීම

farm2සුර්ය බල ජල සූක්ෂම පද්ධතියක් ලබා ගැනීම සදහා

අදාල ප්‍රදේශයේ සමෘද්ධි බැංකු කළමණාකරු, ක්ෂේත්‍ර සමෘද්ධි සංවර්ධන නිලධාරී හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරී, කෘෂිකර්ම උපදේශක, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගෙන් හෝ කෘෂිකර්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන් හෝ කෘෂිකර්ම  අමාත්‍යාංශයේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශයෙන් විමසන්න.

 

 

 

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය