![]() |
![]() |
![]() |
දේශීය ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීම සඳහා, අඩු වරප්‍රසාදලාභී ගොවීන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කොට පිරි නමනු ලබන මෙම කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දීමේ වැඩසටහන 1971 වසරේ ආරම්භ කර ඇත.
එතැන් සිට සෑම වසරකදීම මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි යන්ත්‍රෝපකරණ, අප රටට ලැබෙන අතර 2004 වසරේ සිට ජපන් රජයේ නව තීරණයකට අනුව වසර දෙකකට වරක් මෙම ව්‍යාපෘතිය යටතේ අප රටට කෘෂි යන්ත්‍රෝපකරණ ලබා දේ. ඒ අනුව දෙවසරකට වතාවක් ව්‍යාපෘති යෝජනාවක් (Project Proposal) අප අමාත්‍යාංශය මඟින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ජපන් රජයට ඉදිරිපත් කරනු ලබයි. එසේ සිදු කරනුයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දුන් පසුවයි. ක්‍රමවත්ව සකස් කරන ගිවිසුමකට (Exchange of notes) ලේකම්/ කෘෂිකර්ම, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (විදේශ සම්පත්) සහ JICS ආයතනය (ජපන් රජය වෙනුවෙන්) ඊට අත්සන් කරනු ලැබේ.
අදාල ව්‍යාපෘති යෝජනාව අනුව හා ජපන් රජය මඟින් සෑම ප්‍රදානයක්ම සිදු කිරීමට පෙර මෙරටට එවනු ලබන පුර්ව විමර්ශන කණ්ඩායමක් (JICA/ JICS Mission) යොදා සිදු කරනු ලබන ක්ෂේත්‍ර හා ආයතනගත (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආශ්‍රිතව) සමීක්ෂණයකින් පසු දෙවසරකට වතාවක් මෙම ප්‍රදානය අප රටට පිරිනැමීම සිදු කරනු ලබයි.
2 KR (2006) යටතේ 2008 වසරේදී ලැබුණු කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබද විස්තරය හා 2010 වසරේදී ලැබීමට නියමිත කෘෂි යන්ත්‍රෝපකරණ පිළිබඳ විස්තරය.
කෘෂි යන්ත්‍රෝපකරණ විස්තරය | 2 KR (2006) යටතේ 2008 වසරේදී ලැබුණු මුළු ප්‍රමාණය | 2 KR (2008) යටතේ 2010 වසරේදී ලැබීමට නියමිත ප්‍රමාණය |
---|---|---|
රෝද දෙකේ ට්‍රැක්ටර් | 603 | 1024 |
රෝද දෙකේ ට්‍රැක්ටර් සඳහා වන පසු පසට ගෙන යා හැකි නඟුල් | 1027 | |
එන්ජිම සහිත ජල සම්පාදන පොම්ප | 400 | |
අර්තාපල් හෑරුම් යන්ත්‍ර | 10 | |
රෝද හතරේ ට්‍රැක්ටර් | 50 | |
රෝද හතරේ ට්‍රැක්ටර් සඳහා වන තැටි නඟුල් | 50 | |
සංයුක්ත කොළ මඩින යන්ත්‍ර | 03 |