මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ටත් පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙරට වී වගාවේ නව පෙරැළියක් ඇති කරමින් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිපලයක් වශයෙන් AT 378 නැමැති වී ප්‍රභේදය මෙවර යල කන්නයේ දී හඳුන්වා දෙනු ලැබීය.
පොල් වගාවට අදාල සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
Read more: රාජ්‍ය පොහොර සමාගම පසුගිය වසරේ රුපියල් මිලියන 433ක ලාභයක් උපයයි.
ශ්‍රී ලංකාවේ දැනට වාර්ෂික ස්වාභාවික රබර් නිෂ්පාදනය සියයට 60කින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ඉදිරි වර්ෂ කිහිපය තුළ රබර් වගා මහ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read more: වියළි කළාපයේ අක්කර 100,000ක රබර් වගාව ව්‍යාප්තියට මහා රබර් වගා සැළැස්මක්.