චීනයේ Qingdao Sea win Biotech ආයතනය මගින් මිල දී ගන්නා ලද පොහොර නැව සම්බන්ධයෙන් එම සමාගමට නඩු පවරන්නැයි විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ වාර්තාව සම්බන්ධව ඊයේ (04) මාධ්‍යවේදීන් විසින් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසීය.
අමාත්‍යවරයා ඊයේ (04) පෙරවරුවේ ඇඹිළිපිටිය තුංකම ප්‍රදේශයේ මාළු මිරිස් ගොවිපොළක වගා කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගි විය. එහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධව කරුණු විමසීමක් සිදු කළේය.
මම කෘෂිකර්ම අමාත්‍යංශය බාරගත් දින සිට මෙම පොහොර නැව සම්බන්ධව අවස්ථා ගණනක දී සාකච්ඡා කළා. මෙම පොහොර නැව නිසා දෙරට අතර හොඳ හිත බරපතල ලෙස පළුදු වුනා. මට අවශ්‍ය වුනේ එක්කෝ මෙම චෝදනාව එල්ල වී ඇති පොහොර නැව වෙනුවට රසායනික පොහොර ලබා ගැනීම. නමුත් එම සමාගම වෙනත් පොහොර නිපදවන්නේ නැහැ. ඒ නිසා දැනට මෙම සමාගමට ගෙවා ඇති ඩොලර් මිලියන 6.5ක මුදල ආපසු ගත හැකිදැයි සොයා බැලුවා. නමුත් එම සමාගම පවසන්නේ ඔවුන් චීනයේ තිබෙන කීර්තිමත් සමාගමක්.
ලෝකයේ ගොඩක් රටවලට ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කරනවා. නමුත් අපේ රටෙන් එල්ල වූ චෝදනාව නිසා එම සමාගමේ කීර්ති නාමයට හානියක් සිදු වු බව ඔවුන් පවසනවා. එම නිසා අපේ රටට එම පාඩුව දරාගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මෙම ගනුදෙනුවට කවුරු සම්බන්ධ වුනත් අවසානයේ ඒ පොහොර නැවට ගෙවන ලද ඩොලර් මිලියන 6.9ක බර පැටවුනේ අපේ රටේ ජනතාවට
චීනය කියන්නේ ශ්‍රී ලංකාව සමග දීර්ඝකාලයක් අපේ රට වෙනුවෙන් පෙනී සිටින රටක්. චීනය හා ශ්‍රී ලංකාව අතර වසර සිය ගණනක හොඳ හිත වර්ධනය වු තත්ත්වයක් තිබෙනවා. එමනිසා මේ අවස්ථාවේ මෙම සිදුවීම නිසා එම හොඳ හිත පළුදු නොවන ලෙස කටයුතු කළයුතුව තිබෙනවා. මේ සම්බන්ධව අපී මුදල් මණ්ඩලයේත් සාකච්ඡා කළා.
එහිදී තීරණය වුනේ දෙරටේම මිත්‍රත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ක්‍රියාවලියක් සැකසීමේ කර්තව්‍යය අපේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හා විදේශ කටයුතු අමාත්‍යතුමාට ඉල්ලීමක් කරන්නට මම අපේක්ෂා කරනවා. මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යංශය හා චීන තානාපතිතුමාත් සහභාගි කර ගනිමින් තවදුරටත් සාකච්ඡා කිරීමටත් මම බලාපෙරොත්තු වෙනවා.
මෙම කාරණය සම්බන්ධව ගරු ජනාධිපතිතුමාගේ ස්ථාවරය වන්නේත් දෙරට අතර ඇති මිත්‍ර සබඳතා පළුදු නොවන ආකාරයට මෙම ගැටළුව විසඳා ගැනීමයි. ඒ සඳහා අපි උපරිම උත්සාහය තවදුරටත් දරනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් මිල දී ගැනීම පසුගිය අගෝස්තු 18 දින සිට ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව දින 15ක් තුළ වී මෙට්‍රික් ටොන් 7035ක ප්‍රමාණයක් අවම සහතික මිලක් යටතේ මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට හැකි වී තිබේ.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වි කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කට ද වශයෙන් මිල දී ගැනීමට පියවර ගත්තේය.
වී මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි රජය විසින් මුදල් ලබා දීමට පියවර ගත්ත ද ඇති වු ගැටළුකාරි තත්ත්වයක් නිසා ගොවීන්ට මුදල් ගෙවීම දින කිහිපයක් ප්‍රමාද විය.
මෙම මුදල් ඉතා කඩිනමින් ගෙවන බවටත්, ඒ සඳහා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවගෙන් කරන ලද ඉල්ලිම පරිදි ගොවි ජනතාව මුදල් ලබා දෙන ඉල්ලා කිසිදු විරෝධයක් නොදැක්වීය. ඒ් සම්බන්ධව අමාත්‍යවරයා සියලු ගොවි ජනතාවට තම කෘතඥතාවය පළ කර සිටී.
මේ අතර මිල දී ගන්නා ලද වී තොගවලට මුදල් ලබා දීම සදහා පැවැති ගැටළු විසඳාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ඇතුළු විශාල පිරිසකගේ කැපවීම මත පැවැති සියලු ගැටළු අද දින (01) නිරාකරණය කරනු ලැබීය.
ඒ අනුව ගොවීන්ට මුදල් ගෙවීම අද දින සිට ක්‍රියාත්මක වූ බවත් මේ වනවිට රුපියල් මිලියන 250ක් ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගත් බවත් වී අලෙවි වි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පැවසීය.ඉන් වැඩිම මුදල් ප්‍රමාණයක් වශයෙන් රුපියල් මිලියන 108ක් අම්පාර දිස්ත්‍රික්කයට ගෙවීමට පියවර ගෙන ඇත.
සාමාන්‍යයෙන් මින් පෙර යල කන්නවල දී වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගෙන ඇත්තේ වී මෙට්‍රික් ටොන් 2000-3000 පමණ ප්‍රමාණයකි. නමුත් මෙවර රජය විසින් අවම සහතික මිලක් යටතේ වී මිල දී ගැනීමට ගත් තීරණය නිසා වී මෙට්‍රික් ටොන් 7035ක් දින 15ක් තුළ මිල දී ගැනීමට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිළදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ඊයේ (21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282 ක් මිළදීගෙන තිබේ.
Read more: වී අලෙවි මණ්ඩලය ඊයේ (21) දිනය තුළ වී මෙට්‍රික් ටොන් 282ක් මිළදී ගනී.
EXPRESSION OF INTEREST (EOI) - DOWNLOAD
EOI - පරිසර හිතකාමී පොහොර සඳහා අවශ්‍ය අමතර තොරතුරු - DOWNLOAD