2021 මහ කන්නයේ දී කාබනික පොහොර යයි හඳුන්වමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළුව පැවසීය.
Read more: මෙවර මහ කන්නයේදී කාබනික පොහොර නමින් අපද්‍රව්‍ය එවුවොත් එම සමාගම්වලට වැඩ වරදී.
අප රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ( ASMP- AGRICULTURE SECTOR MODERNIZATION PROJECT) යටතේ ආරම්භ කර ඇති මිරිස් වගාවන්ගෙන් හැකි වෙතැයි එම ව්‍යාපෘතිය පවසයි.
Read more: රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් දෙන්න කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සුදානම්.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ ඉදිරි කාලය තුළ තවත් අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානය මෙම වසරේ එක් දිනයක් තුළ දී වාර්තා කළ වැඩිම ආදායම ඔක්තෝබර් 01 දිනට යෙදී තිබුනු ලෝක ළමා දිනයේ දී වාර්තා කර තිබේ.
2022/23 මහ කන්නයේ දී වී වගාව සඳහා ලෝක බැංකු ණය යටතේ මිල දී ගැනීමට යෝජිත යුරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධව ඇතැම් පාර්ශ්ව විසින් දක්වන අදහස් පදනමකින් තොර බව කෘෂිකර්ම අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත.