“ අපි වවලයි - අපි කන්නේ ” කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ “ වැව් දහසක්- ගම් දහසක් ” ව්‍යාපෘතිය මේවනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර, එහි 300වන වැව හා ගම ලෙස අඟුණකොළපැලැස්ස,කයිලවැල්පෝටාව (වික්‍රමපුර වැව) ඇතුළු වැව් සහ ගම්මාන 07ක් ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු 2018 අගෝස්තු 10,11,12 යන තෙදින තුළ ආරම්භ කිරීමට නියමිත ය.
“වැව් දහසක් - ගම් දහසක්” ප්‍රථම අදියර සඳහා රු.මි. 3500කට අධික මුදලක් රජය විසින් වෙන්කර ඇත. ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ඉලක්ක කරගනිමින් වැව් ප්‍රතිසංස්කරණය සිදුකිරීම මෙම වැඩපිළිවෙලේ විශේෂත්වයකි. කෘෂි මාර්ග සංවර්ධනය, ගෙවතු වගාව, ගෙවිලියන් ශක්තිමත් කිරීම, ගොවිජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, වැව යටතේ ඇති ඇළවේලී ප්‍රතිසංවර්ධනය ඇතුළු යටිගං සංවර්ධනය සහ වැව අවට පරිසරයේ සුරක්ෂිතතාවය උදෙසා කටයුතු කිරීම වැනි වැඩකටයුතු රැසක් වැව් දහසක් - ගම් දහසක් යටතේ ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ 300 වනි වැව සහ ගම වශයෙන් අගුණකොළපෑලැස්ස, කයිලවැල්පෝටාවැව(වික්‍රමපුර වැව) සංවර්ධන කටයුතු ලබන ඉරිදා(12) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිත ය.
මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) ආරම්භ කෙරේ.
මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වේ.
මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.
විදේශයෙන් ආනයනය කරන “ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම්.
Read more: විදේශයෙන් ආනයනය කරන "ජම්බෝ" රටකජු පරදවන්න "ශ්‍රී ලංකා ජම්බෝ" සූදානම්
“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා “වැව් දහසක් ගම් දහසක් ”ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිත ය.
මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) ආරම්භ කෙරේ.
මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වේ.
මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලේ “ වැව් දහසක් -ගම් දහසක්” සංවර්ධන වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිකවැරටිය මහගිරිල්ල මහවැවේ දී ආරම්භ විය. පළමු අදියරේදී වැව් 370ක ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ වූ අතර දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 370ක එම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
“ වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ දෙවන අදියර වශයෙන් වැව් 371 සිට 500ක් දක්වා
ක්‍රියාත්මක කිරීමට 2018.07.20 දින අගුණුකොළපැස්ස, යකාගල කුඩා වැවේ සිට ආරම්භ කෙරේ. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයන් රැසක් සහභාගී වීමට නියමිත ය.
“වැව් දහසක් -ගම් දහසක්” වැඩපිළිවෙල යටතේ වැව් සහ වැව් අවට යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ .ඊට අමතරව ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම, කෘෂි මාර්ග සංවර්ධනය කිරීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පලතුරු පැළ රෝපන වැඩසටහන් වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.
“වැව් දහසක් -ගම් දහසක්” ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට යෝජිත මුදල රු.මි.9000කි. මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ ʻග්‍රාම ශක්තිʼ වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රු.මි.12,500ක් ද රජය විසින් ක්‍රියාත්මක කරන “ගම්පෙරළිය” වැඩසටහන යටතේ ද වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාපවසයි.