MOA (1)

 

 

   



බුත්තල - කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවයි.

බුත්තල - කතරගම පාරේ වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදු කරන අවස්ථා දක්වමින් ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළවන ප්‍රවෘත්ති කෙරෙහි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

Read more: බුත්තල - කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි...

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණයක්.

දැනට අප රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂික ව අවශ්‍ය වන මව්සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අවම වී තිබීමය. සෑම වර්ෂයකම මව්සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා අවම වීම හේතුවෙන් බිත්තර මෙන්ම කුකුළු මස් නිෂ්පාදනයට ද එම තත්ත්වය බලපෑම් කළේය.

Read more: බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක්...

2023 වසරේ දිස්ත්‍රික්ක 08ක දැනට පවතින පුරන් කුඹුරු අක්කර 14,000ක් ශුන්‍ය කිරීමට පියවර.

* අයිතිකරුවන්ට වගා කිරීමට මාස 06ක කාලයක් ලබා දෙයි.

 

2023 වසරේ දී මෙරට දිස්ත්‍රික් 08ක පුරන් කුඹුරු අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

Read more: 2023 වසරේ දිස්ත්‍රික්ක 08ක දැනට පවතින පුරන් කුඹුරු අක්කර 14,000ක් ශුන්‍ය කිරීමට පියවර.

2022-12-23 සිට 2023-01-02 දක්වා යාල ජාතික වනෝද්‍යානය ඉහළ ආදායමක් උපයයි.

2022 වසරේ දෙසැම්බර් 23 සිට 2023 ජනවාරි මස 02 දක්වා කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා අතිවිශාල පිරිසක් පැමිණ ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more: 2022-12-23 සිට 2023-01-02 දක්වා යාල ජාතික වනෝද්‍යානය ඉහළ ආදායමක් උපයයි.

අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධනය සදහා පැවැත්වෙන වැඩමුළුවට ශ්‍රී ලංකාවේ සියලු අපනයනකරුවන්ගේ සංවිධානවලට ආරාධනය කරයි.

අපනයන කෘෂිකාර්මික වැඩපිළිවෙල ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන විශේෂ වැඩමුළුවක් 2022 දෙසැම්බර් 29 වන දින ප.ව. 2.00ට කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

Read more: අපනයන කෘෂිකර්ම ප්‍රවර්ධනය සදහා පැවැත්වෙන වැඩමුළුවට ශ්‍රී ලංකාවේ සියලු අපනයනකරුවන්ගේ සංවිධානවලට...

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය