අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි මිනිස් ගැටුම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එම දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන අලිමංකඩ 05ම ආවරණය වන පරිදි විවිධ පුද්ගලයින් විසින් එම අලිමංකඩ සියල්ල අත්පත් කරගෙන සිටීම නිසා බවට කරුණු අනාවරණය විය.
Read more: අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ම මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇතැයි හෙළි වේ.
ඇත් අතුරු සෙවණ හා පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ දී අලි ප්‍රහාර දීම් හේතුවෙන් මරණයට පත් වූ වනජීවි නිලධාරින් දෙදෙනාට වන්දි මුදලක් ලබා දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට ඊයේ (08) උපදෙස් දුන්නේය.
Read more: අලි ප්‍රහාරවලින් මිය ගිය වනජීවි නිලධාරින් දෙදෙනාට වන්දි ලබා දීමේ තීරණයක්.
මෙවර මහ කන්නයේදී වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දියාවේ සිට ගවරා නමැති ගව විශේෂයක් මෙරට වනාන්තරවලට මුදා හැරීමට කටයුතු යොදා ඇතැයි ඇතැම් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය මඟින් ද විවිධ අදහස් මේ වනවිට පළ වෙමින් තිබේ.
2021 මහ කන්නයේ දී කාබනික පොහොර යයි හඳුන්වමින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළුව පැවසීය.
Read more: මෙවර මහ කන්නයේදී කාබනික පොහොර නමින් අපද්‍රව්‍ය එවුවොත් එම සමාගම්වලට වැඩ වරදී.