* අයිතිකරුවන්ට වගා කිරීමට මාස 06ක කාලයක් ලබා දෙයි.
2023 වසරේ දී මෙරට දිස්ත්‍රික් 08ක පුරන් කුඹුරු අක්කර 14,000ක් රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.
Read more: 2023 වසරේ දිස්ත්‍රික්ක 08ක දැනට පවතින පුරන් කුඹුරු අක්කර 14,000ක් ශුන්‍ය කිරීමට පියවර.
අපනයන කෘෂිකාර්මික වැඩපිළිවෙල ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන විශේෂ වැඩමුළුවක් 2022 දෙසැම්බර් 29 වන දින ප.ව. 2.00ට කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කෘෂි අංශයේ සංවර්ධනය උදෙසා අප රටේ විවිධ පුද්ගලයින් විසින් සිදු කරන ලද නව නිෂ්පාදන රැසක් හඳුන්වා දීම අද දින පෙරවරුවේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු විය.
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ආධාර මත අප රටේ දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ලබා දීමට තීරණය කර තිබේ.
බීජ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා බීජ පනතේ විධිවිධානවලට යටත්ව ජාතික බීජ සභාව කටයුතු කරනු ලැබේ.