MOA (1)

 

 

   



දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව ආශ්‍රිතව පවතින රෝග තත්ත්වයට හේතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක් වී වගාව ආශ්‍රිතව පවතින රෝග තත්ත්වයක් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අවධානය යොමු කර ඇත.

Read more: දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව ආශ්‍රිතව පවතින රෝග තත්ත්වයට හේතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරේ.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සැළකිල්ලට ගනිමින් නොමිලයේ පරිත්‍යාග කරනු ලැබීය.

Read more: චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09)...

බුත්තල - කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවයි.

බුත්තල - කතරගම පාරේ වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදු කරන අවස්ථා දක්වමින් ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළවන ප්‍රවෘත්ති කෙරෙහි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

Read more: බුත්තල - කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි...

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම සුදුසු පියවර ගන්නා ලෙසත්, ඒ අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සුදානම් බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය වැනි රෝග කිහිපයක් සම්බන්ධව වහාම මැදිහත් වී එම රෝග පාලනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඊයේ (09) උපදෙස් දුන්නේය.

Read more: දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන රෝග කිහිපයක් පාලනයට වහාම සුදුසු පියවර...

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණයක්.

දැනට අප රට තුළ මාසික බිත්තර නිෂ්පාදනය මිලියන 30 දක්වා අවම වීමට හේතුව සත්ව ආහාර හිඟය මෙන්ම වාර්ෂික ව අවශ්‍ය වන මව්සතුන් ආනයනය 80,000 සිට 40,000 දක්වා අවම වී තිබීමය. සෑම වර්ෂයකම මව්සතුන් 80,000 බැගින් ආනයනය කළ ද පසුගිය වර්ෂය තුළ එම ප්‍රමාණය 40,000 දක්වා අවම වීම හේතුවෙන් බිත්තර මෙන්ම කුකුළු මස් නිෂ්පාදනයට ද එම තත්ත්වය බලපෑම් කළේය.

Read more: බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක්...

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය