MOA (1)

 

 

   



මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා Lumpy Skin Disease (LSD) බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය අවධාරණය කරයි.

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වය සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය හෙවත් Lumpy Skin Disease (LSD) යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය අවධාරණය කරයි.

Read more: මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර ව්‍යාප්ත වන රෝග තත්ත්වය වෛරසයක් හේතුවෙන් හට ගන්නා Lumpy Skin...

ගොවීන්ට නොමිලයේ ලබා දෙන ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ.

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (01) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

 

මෙම වැඩ පිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇත.

 

ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතය.

 

මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීමේ දී සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධව අද දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සාකච්ඡාවක් කැඳවා තිබිනි. එම සාකච්ඡාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වූහ.

Read more: ගොවීන්ට නොමිලයේ ලබා දෙන ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ.

මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ. සියලුම ගොවීන්ට තවාන් තැටි නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමටත් අවධානය.

චීනයේ අතිසාර්ථක වී වගා ක්‍රමයක් වන පැරෂුට් වගා ක්‍රමය දැනට අප රට තුළ භාවිතා වුවද තවමත් එම ක්‍රමය පිළිබඳ නිසි අවබෝධයක් අප රටේ ගොවි ජනතාවට තවමත් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මේ නිසා පැරෂුට් වගා ක්‍රමය ව්‍යාප්ත කිරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Read more: මෙම වසරේ දී කුඹුරු අක්කර 13,000ක් පැරෂුට් ක්‍රමය යටතේ වී වගා කිරීමට රුපියල් මිලියන 400ක් වෙන්...

මෙරට පුරන් කුඹුරු 12,500ක් ඉදිරි මහ කන්නයේ දී යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කරයි.

මේ වනවිට අප රටේ නැවත වගා කළ හැකි එහෙත් අවුරුදු 05කට ආසන්න කාලයක් වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000කි.

Read more: මෙරට පුරන් කුඹුරු 12,500ක් ඉදිරි මහ කන්නයේ දී යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කරයි.

මෙරටට ආනයනය කරනු ලබන බිත්තර‍ බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමේ තීරණයක්.

පසුගිය දිනවල මෙරට පාරිභෝගිකයන්ට බලපෑ බිත්තර හිඟය අවම කරලීම සඳහා රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කරනු ලැබීය.

Read more: මෙරටට ආනයනය කරනු ලබන බිත්තර‍ බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමේ තීරණයක්.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය