වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
Read more: වී මිල තීරණය කිරීමේ කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත් ඇතුළත් කිරීමට තීරණය කරයි.
වගා කන්න 03කට පසුව වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඬ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.
Read more: TSP පොහොර නැව ලබන 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිතයි.
මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වය සමේ ගැටිති සහිත රෝගී තත්ත්වය හෙවත් Lumpy Skin Disease (LSD) යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය අවධාරණය කරයි.
දශක කිහිපයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොකර අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ පුනරුත්ථාපනය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (01) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මෙම වැඩ පිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇත.
ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතය.
මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීමේ දී සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධව අද දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සාකච්ඡාවක් කැඳවා තිබිනි. එම සාකච්ඡාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වූහ.
Read more: ගොවීන්ට නොමිලයේ ලබා දෙන ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කෙරේ.