2022/23 මහ කන්නයේ දී ලද අස්වැන්නෙන් පළමු කොටස ශ්‍රී මහා බෝධින්වහන්සේ උදෙසා පිරිනැමීමට වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රේල් මස 01 හා 02 දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබේ.
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් මෙරටට පරිත්‍යාග කරන ලද TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000න් මේ වනවිට දින 04ක් තුළ මෙට්‍රික් ටොන් 27,000ක් දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන් කර තිබේ.
මෙරටට ලැබුනු මඩ පොහොර (TSP) යල කන්නයේ වී වගා කටයුතු ආරම්භයට පෙර අප්‍රේල් මස 10 වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් වෙළෙඳ පොළේ රුපියල් 7000කින් පමණ විශාල මුදලකින් අඩු කිරීමට දිවයිනේ ප්‍රමුඛ පොහොර සමාගම් අද දින (23) එකඟතාවය පල කර තිබේ.
Read more: යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරීමට පුද්ගලික සමාගම් කිහිපයක් එකඟතාවය පළ කරයි.
පසුගිය කාලය තුළ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට දුන්නේ වැව්වලින් කපා ගත් පස් හා දහයියා බව පවසන ගොවි ජනතාව ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා ෙකාම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බව පැවසූහ.