යල කන්නයේ දී අප රටේ සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා ආධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read more: මෙම යල කන්නයේ සියලුම ගොවීන්ට වගාව සඳහා ආධාර මුදලක් ලබා දීමට රජයේ අවධානය යොමු වේ.
අප රටේ වාර්ෂිකව එළවලුවලින් සියයට 19ක් හා පලතුරුවලින් සියයට 21ක් නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2022/23 මහ කන්නයේ දී ලද අස්වැන්නෙන් පළමු කොටස ශ්‍රී මහා බෝධින්වහන්සේ උදෙසා පිරිනැමීමට වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රේල් මස 01 හා 02 දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබේ.
අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් මෙරටට පරිත්‍යාග කරන ලද TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000න් මේ වනවිට දින 04ක් තුළ මෙට්‍රික් ටොන් 27,000ක් දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන් කර තිබේ.