කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



2023.08.29 දිනට වාර්තා වී තිබෙන වගා හානි ප්‍රමාණය - පවතින නියඟය තත්ත්වය නිසා හානි වී ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 58,766 දක්වා ඉහළට.

දැනට පවතින වියලි කාලගුණික තත්ත්වය නිසා 2023.08.29 දිනට වාර්තා වී ඇති වී සහ අනෙකුත් බෝග පිළිබඳ වගා හානි වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී ඇත.

Read more: 2023.08.29 දිනට වාර්තා වී තිබෙන වගා හානි ප්‍රමාණය - පවතින නියඟය තත්ත්වය නිසා හානි වී ඇති කුඹුරු...

ඉදිරි කාලගුණික තත්ත්වයන් අනුව එළඹෙන මහ කන්නය සහ ඉන්පසුව යල කන්නයේ වගා කටයුතු පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීමට තීරණය කරයි.

ඉදිරි කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එළඹෙන මහ කන්නය සහ ඉන්පසු යල කන්නයේ වගා කටයුතු සිදු කිරීම පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read more: ඉදිරි කාලගුණික තත්ත්වයන් අනුව එළඹෙන මහ කන්නය සහ ඉන්පසුව යල කන්නයේ වගා කටයුතු පිළිබඳ ඒකාබද්ධ...

කට්ටකඩුව ජලාශය සිදී යාමෙන් උද්ගත වූ රන්න ජල යෝජනා ක්‍රමයේ ජල ගැටලුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීමෙන් විසදුම් ලබා දෙයි.

දකුණු පළාතේ ප්‍රධානම පානීය ජල යෝජනා ක්‍රමයක් වන රන්න පානීය ජල යෝජනා ක්‍රමය යටතේ ඊට අයත් ප්‍රදේශයේ ජනතාවට ජලය සපයන කට්ටකඩුව ජලාශය පවතින නියඟය නිසා සිඳී යමින් පැවැති අතර තවදුරටත් ජලය ලබා දීමට හැකිව තිබුවේ දින දෙක තුනක් පමණි.

Read more: කට්ටකඩුව ජලාශය සිදී යාමෙන් උද්ගත වූ රන්න ජල යෝජනා ක්‍රමයේ ජල ගැටලුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ...

ලබන පෙබරවාරි මාසයේ රටවල් 44ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (Asia Pacific Regional Conference) ලබන වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read more: ලබන පෙබරවාරි මාසයේ රටවල් 44ක නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති.

නියඟය නිසා සිදු වූ වගා හානි අක්කර ප්‍රමාණය 51,479.89 දක්වා ඉහළට.

පවතින නියඟය හේතුවෙන් ඊයේ (22) දිනය වනවිට වගාහානි සිදු වී ඇති වී වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 51,055.19ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 424.70ක් වන අතර, වී සහ අනෙකුත් බෝග වගා හානි ප්‍රමාණය අක්කර 51,479.89ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

Read more: නියඟය නිසා සිදු වූ වගා හානි අක්කර ප්‍රමාණය 51,479.89 දක්වා ඉහළට.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය