කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



“වැව් දහසක් ගම් දහසක්” ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් වැව් 06ක් ප්‍රතිසංවර්ධනය කෙරේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පුරාණ වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන “වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් වැව් 06ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම පසුගිය දෙදින තුළ සිදු කරනු ලැබී ය.

 

ඒ අනුව හම්බන්තොට යහංගල වැව, තිස්සමහාරාමය උද්ධකන්දර සහ රණකෙලිය වැව ලුණුගම්වෙහෙර බෝගහ වැව, කටුවන රිටිගහයාය සහ උලහිටියාය වැව, සූරියවැව වීරියගම වැව සහ ඉහළ කුඹුක්වැව යන වැව් 06 ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා කටයුතු ආරම්භ වූ අතර මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැය කරන මුදල රු.මි. 180 කි.

 

“වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙල යටතේ වැව් සහ එම වැව්වල යටිගං සංවර්ධනය ද සිදු කෙරෙන අතර, ගොවිජනතාවගේ පහසුව පිණිස කෘෂිමාර්ග සංවර්ධනය, ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීම, පළතුරු පැළ ගෙවතු වගාව සඳහා ලබා දීම ඇතුළු ගොවිජන සංවර්ධනය උදෙසා පියවර රැසක් ක්‍රියාත්මක කෙරේ.

 

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවිජනතාවට සහන ලබා දීම මඟින් ඔවුන් කෘෂිකාර්මික කටයුතුවලට උනන්දු කරවීමේ වැඩපිළිවෙල රජය අඛණ්ඩව ගෙනයන බවයි. ගොවීන් විසින් වගා කරන බෝග සඳහා ඔවුන්ට හොඳ මිලක් ලබා දීම මෙන්ම වගාවන්හි ආරක්ෂාව උදෙසා ද රජය පියවර රැසක් ගෙන තිබෙන අතර එමඟින් ගොවි ජනතාව උනන්දු කරවීමේ වැඩපිළිවෙල අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

“වැව් දහසක් ගම් දහසක්” යටතේ මේ වන විට ප්‍රතිසංවර්ධනය කෙරෙමින් පවතින වැව් ප්‍රමාණය 320 ඉක්මවා තිබේ.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය