කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ.

වැව් දහසක් -ගම් දහසක් වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

 මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිත ය.

මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) ආරම්භ කෙරේ.

මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වේ.

මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය