අපි කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක්වෙන්නේ රටේ කෘෂිකර්මාන්තය නව මානයකට ගෙනයන ලොකු වැඩපිළිවෙළකට අත ගහලා තියෙනවා. ඒකෙ ප්‍රධාන තැනක් ගන්නවා වී වගාව. වී වගාවට නව තාක්ෂණය මුසුකරලා ලොකු අස්වැන්නකට, වැඩි නිෂ්පාදනයකට යන්න අපි ගොඩක් පර්යේෂණ කරලා තියෙනවා. මේ පර්යේෂණ ක්ෂේත්‍රයට ගෙනයන්න ලොකු වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා.
මේ වැඩසටහන ‘වී නිෂ්පාදන යාය ජාතික වැඩසටහන’ වශයෙන් නම් කරලා තියෙනවා. 2025 සිට 2028 දක්වා මේක අපි සංවිධානය කරලා තියෙනවා. මෙම 2025/26 මහ කන්නයේදී අපි ලංකාව පුරා යායවල් පන්සීයක් තෝරගෙන මෙම නව තාක්ෂණයත් එක්ක වී වගාව කොහොමද කරගෙන යන්නේ කියලා ගොවි මහතුන්ව දැනුවත් කරනවා. සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 04 දක්වා සතිය අපි ප්‍රවර්ධන සතියක් විදිහට නම් කරලා තියෙනවා. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ගොවි ජනතාව දැනුවත් කරමින්, අපේ කෘෂිකර්ම නිලධාරීන් එකතු කරගෙන මෙම යායවල් හරහා වී වගාව ප්‍රවර්ධනය කරන්න.
අපි ඉල්ලීමක් කරනවා ගොවි ජනතාවගෙන් අපේ කෘෂිකර්ම නිලධාරීන් එක්ක එකතු වෙන්න. දැනටමත් යායවල් හඳුනගෙන තියෙන්නේ තියෙන්නේ. ඒ නිසා මෙම යායවල්වලට නව තාක්ෂණය මුසුකරලා වී වගාව ඉදිරියට කරගෙනන යන්න. මෙහිදී අපි කන්න රැස්වීම්වල ගත්ත තීරණ අනුව වගා කිරීම, පිරිසිදු බිත්තර වී භාවිතය, කන්නයේ එකම වර්ගයක් වගා කිරීම, ගැඹුරට සී සෑම, පස පරීක්ෂා කර රසායනික පොහොර යෙදීම, කාබනික පොහොර යෙදීම, වල් වී වගාව මර්ධනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් යෙදීම සිදුකරනවා. මෙම කාරණා සියල්ල නව තාක්ෂණික පැකේජයට අඩංගු වෙනවා.
මෙම සතියේදී ගොවි මහතුන් දිරි ගන්වනවා ගන්වනවා. මෙම තාක්ෂණික පැකේජය ගැන දැනුවත් වෙලා කන්නය පුරාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යංශය සමග එක්ව වී වගා යාය ජාතික වැඩසටහන සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වෙන්න
මෙහිදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 5.1 වගේ නිෂ්පාදනය 2028 වෙද්දි හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 7.1 දක්වා ලොකු අගයකට යන්න. මෙම කන්නයේදී යාය 500න් පටන්ගෙන 2028 වෙනකොට යාය 5000 දක්වා ඉලක්කයකට යන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා මේක අපේ ගොවි ජනතාව එක්ක යන්න පුළුවන් ගමනක් කියලා. මෙහිදී අපේ කෘෂිකර්ම නිලධාරීන්ගේ වගේම ගොවිජනතාවගේත් උනන්දුව තිබිය යුතුයි. මේක අපිත් එක්ක එක්ව අත්වැල් බැඳගෙන යා යුතු ගමනක්.
වී නිෂ්පාදන යාය ජාතික වැඩසටහන ගෙන යන්නේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක අනුබද්ධ අන්තර් පළාත්, මහවැලි සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්වයි. පුනරුදයට අරුණලු Agri Plus කියන සන්නාමය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
ගොවි ජනතාව වගේම කෘෂිකර්මාන්තයේ නියැලී සිටින සියලු දෙනා තුලම ලොකු පිබිදීමක් ඇති කරලා ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් ලොකු පිම්මක් පනින්න අපි බලාපොරොත්තු වෙනවා.