Header jpg

   



රජයට අයත් මිල්කෝ සමාගම සතු කිරි පිටි තොග මිල දී ගැනීම සදහා රජය රුපියල් මිලියන 200ක් ලබා දීමට තීරණය කරයි.

රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වනවිට තිබෙන කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අද දින (13) රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මිල්කෝ ආයතනය මින් පෙර පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් පැවතිය ද මේ වනවිට ලාබ උපයන ආයතනයක් බවට පත් කිරීමට හැකි වී ඇති බවත්, දෛනික කිරි එකතු කිරීම ලීටර් 50,000 සිට ලක්ෂ දෙක දක්වා වැඩි වී ඇති බවත් අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී තිබේ.

විශේෂයෙන් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා කිරි මිල දී ගත් ආයතන බොහොමයක් මේ වනවිට කිරි මිල දී ගැනීම නවත්වා ඇති නිසා කිරි ගොවීන් සතු කිරි තොග මිල්කෝ ආයතනය මගින් මිල දී ගැනීමට කටයුතු යොදා තිබේ. මේ නිසා මිල්කෝ ආයතනයේ දෛනික නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර හයිලන්ඩ් කිරි පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් එම සමාගම සතුව පවතී.

මේ නිසා සතොස මගින් හයිලන්ඩ් කිරි පිටි අලෙවි කිරීමේ අරමුණ ඇතිව රජය විසින් මෙම පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ඉල්ලිම පරිදි කිරි මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ලබා දීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා පවසයි.

මිල්කෝ ආයතනය මගින් නිපදවන හයිලන්ඩ් කිරි පිටි මිල ද පසුගිය සතියේ සිට ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 75ක් හා කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 190ක් වශයෙන් අඩු කිරීමට ද පියවර ගත්තේය.

සමාජීය

Facebook
                        

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය