මෙවර මහ කන්නයේ දී දිස්ත්‍රික්ක තුනක වී හැර එළවළු හා අනෙකුත් බෝග වගා කරන ගොවින් 3000කට අවශ්‍ය පොහොර ලබා දීම සඳහා මුල්‍යමය පරිත්‍යාග ලබා දීමට Qatar Charity ආයතනය පියවර ගෙන ඇත.ඒ යටතේ එක් ගොවියෙකුට රුපියල් 20,000ක් වටිනා පොහොර ලබා දීමට කටයුතු යොදා තිබේ.
මේ සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට Qatar Charity ආයතනයේ මහමුද් අබු කලීෆා මහතා ද සහභාගි විය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා හා අනෙකුත් නිලධාරින් ද මෙම සාකච්ඡාවට සහභාගි විය.
වගා කන්න කිහිපයක දී වී වගා කරන ගොවීන්ට අවශ්‍ය මුල්‍ය හා ද්‍රව්‍යමය සහන ලබා දුන්නද එළවළු හා අනෙකුත් බෝග වගා කරන ගොවීන් සදහා සැළකිය යුතු මට්ටමේ සහන සැළසීමට නොහැකි විය. එමනිසා Qatar Charity ආයතනය මගින් ලබා දෙන ආධාර මත දිස්ත්‍රික්ක තුනක එළවළු හා අනෙකුත් බෝග වගා කරන ගොවීන් 3000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් 20,000ක් වටිනා පොහොර තොගයක් බැගින් ලබා දීම මෙම වැඩ සටහන යටතේ සිදු කෙරේ.
මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනුයේ කුරුණෑගල, මොණරාගල හා මාතලේ දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකකට වඩා අඩු බිම් ප්‍රමාණයක එළවළු හා අනෙකුත් වගාවන් සිදු කරන ගොවීන් උදෙසාය.
විශේෂයෙන් අඩු ආදායම්ලාභී ගොවීන් මේ සඳහා තෝරාගැනීමට Qatar Charity ආයතනය විසින් පියවර ගෙන ඇත.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බඩඉරිඟු හා මිරිස් මෙන්ම එළවළු වගා කරන ගොවීන්හට මෙම පරිත්‍යාගය මගින් යම් සහනයක් ලැබෙන බවත්, පසුගිය කාලය තුළ රජය විසින් වී වගාව සඳහා විශාල සහන රැසක් ගොවි ජනතාවට ලබා දුන් බවත් අවධාරණය කළේය. එහි ප්‍රතිපලයක් වශයෙන් රටේ සහල් නිෂ්පාදනය ඉහළ ගියේය. රුපියල් 500ක් දක්වා සහල් කිලෝවක මිල ඉහළ යනු ඇතැයි ඇතැම් පාර්ශ්ව කරුණු ඉදිරිපත් කළ ද සහල් මිල රුපියල් 280 සිට රුපියල් 130ක් දක්වා පහත වැටුනු බව ද අමාත්‍යවරයා සහන් කළේය.
පසුගිය නියඟය හා දැනට පවතින වර්ෂාව හේතුවෙන් මෙරට එළවළු වගාවන්ට විශාල බලපෑමක් එල්ල වී ඇති නිසා ඉදිරි කාලය තුළ දැඩි එළවළු හිඟයක් මෙන්ම එළවළු මිල ඉහළ යාමට ද හැකියාවක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා Qatar Charity ආයතනය විසින් එළවළු වගා කරන ගොවීන් සඳහා සහන සැලසීමට ඉදිරිපත්වීම අගය කරන බවද සඳහන් කළේය.