කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



ඌරු මස් අනුභවයෙන් “නීපා” වෛරසය මෙරට තුළ බෝවීමේ අවදානමක් නැතැයි පශු සම්පත් විශේෂඥයෝ අවධාරණය කරති.

මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන “නීපා” වෛරසය නිසා මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි ද, එම නිසා ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීහු ඊයේ (04) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙනු ලැබීය.

නීපා වෛරස අවදානම පිළිබඳව අදහස් පළ කළ පශු සම්පත් අංශයේ නිලධාරීන් එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුල්වීමේ අවධානමක් නොමැති බවත්, එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් අවධාරණය කළේය.

නීපා වෛරසය යනු සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි ( Zoonotic) රෝග තත්ත්වයකි. මෙම වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන්, ඔවුන්ගේ පටක, ශරීර තරල සහ මළමුත්‍රා මඟින් මිනිසුන්ට බෝවීමට හැකියාව ඇත.

එසේ වුවද මේ වනවිට මෙම රෝගය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොතිබීමත්, සෞඛ්‍ය අංශ විසින් රෝග ආවේක්ෂණ කටයුතු දැඩිව ක්‍රියාත්මක කිරීමත් නිසා අප රටට නීපා වෛරසය ඇතුළුවීමට ඇති ඉඩකඩ ඉතා අල්ප වේ.

එමෙන්ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ සියලුම ඌරු ගොවිපළවල් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇත.

එම නිසා, මෙරට නිෂ්පාදනය කරන ලද ඌරු මස් පරිභෝජනය සඳහා අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයි ද ඌරු මස් පරිභෝජනය කිරීම ගැටළුවක් නොවන බවත් පශු සම්පත් අංශයේ නිලධාරීහු අවධාරණය කළහ.

ඊයේ (04) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම අදහස් පළ විය.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය