MOA (1)

 

 

   



2003 අංක 22 දරන බීජ පනතේ 4 වන වගන්තියේ විධිවිධාන යටතේ ස්ථාපිත ජාතික බීජ සභාව මඟින් බීජ කර්මාන්තයේ උන්නතිය උදෙසා වන යෝජනා කැඳවීම.

බීජ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා බීජ පනතේ විධිවිධානවලට යටත්ව ජාතික බීජ සභාව කටයුතු කරනු ලැබේ.

ජාතික බීජ සභාව උසස් ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිණිස පහසුකම් සැලසීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය සඳහා ඇති අවශ්‍යතාව හඳුනාගැනීම, පුද්ගලික අංශයේ බීජ කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රාජ්‍ය අංශයේ නියෝජ්‍යායතන සමඟ සම්බන්ධීකරණයක් ඇති කිරීම හා බීජ හා රෝපණ ද්‍රව්‍යවලට අදාළ ගැටළු පිළිබඳ සලකා බැලීමට කටයුතු කරනු ලැබේ.

එබැවින් බීජ කර්මාන්තයට සම්බන්ධ සියලුම ආයතන, පුද්ගලයින්, ගොවි ජනතාවගෙන් බීජ සම්බන්ධ ගැටළු, බීජ කර්මාන්තය දියුණු කිරීම සඳහා ඔවුන්ගේ යෝජනා හා අදහස් කැඳවීමට ජාතික බීජ සභාව තීරණය කර ඇති අතර ඒවා ජාතික බීජ සභාවට යොමුකරන ලෙස මෙයින් දැනුම් දෙනු ලැබේ.

අදාල තොරතුරු ඉදිරිපත් කිරීමේදී එම තොරතුරු සවිස්තරාත්මකව සඳහන් කර ඔබේ නම, ලිපිනය හා දුරකථන අංකය ද සහිතව පහත ලිපිනයට යොමුකරන ලෙසද දන්වමි.

 

 

ලේකම්

ජාතික බීජ සභාව

බීජ සහතික කිරීම හා පැළෑටි සංරක්ෂණ මධ්‍යස්ථානය

තැ.පෙ. 74,

ගන්නොරුව

පේරාදෙණිය

 

 

ෆැක්ස්      : 0812-388077

ඊ මේල්   : scppc.doa@gmail.com

දුරකථනය : 0812-388044

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය