
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (30) දින ඉඩම් අමාත්‍යාංශයේදී පැවැත්විණ.
එහිදී ‘එක මිටට - ගොවි බිමට’ ජාතික වැඩසටහන මෙම වසර තුළ ක්‍රියාත්මක වූ ආකාරයත්, එහි ප්‍රගතිය පිළිබඳවත් කරුණු සාකච්ඡා විය. විශේෂයෙන් දිස්ත්‍රික් භාර ගොවිජන කොමසාරිස්වරු විසින් අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී මුහුණ පෑ ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යවරයාව දැනුම්වත් කරන ලදී.
මෙහිදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“දේශපාලන පරිවර්තනයක් වෙනකොට රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුව ආවේ ජනතා අරගලයක ප්‍රතිඵලයත් විදිහට. ජනතාව දේශපාලන පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා.
පොඩි තැනකින් ඉවර කරගන්න පුළුවන් දේ විශාල වෙනකන් ඉන්නේ නැතුව කරලා ඉවර කරමු. හැමෝම ඉන්නේ පීඩනයක. ගැටළු විසඳීමේදී රාජ්‍ය නිලධාරීන් එක්ක රණ්ඩු කරලා ඒවා විසඳන්න බැහැ. අපි හැමෝම එකතු වෙලා අපේ ආයතන ආදරණීය ආයතන බවට පත්කරමු.”
මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.
