MOA (1)

 

 

   



කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

WhatsApp Image 2025-10-22 at 14.23.09

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින CResMPA, MWSIP,  CSIAP,  IWWRMP සහ නකල්ස් ව්‍යාපෘතිය යන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය අද (22) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.

මෙහිදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දැනට පැන නඟින ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි. CResMPA ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහි ප්‍රගතිය සාකච්ඡා කිරීමේදී අනාවරණය වූයේ මේ වනවිට ව්‍යාපෘතිය 52%ක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

MWSIP ( Mahaweli Water Security Investment Program) මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ උතුරු මැද පළාත් ඇළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇත. මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් ආරම්භ කළ අතර, වසර 10කින් නිම කිරීමට අපේක්ෂිතය. පසුගිය සමයේ ඇති වූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අවපාත හමුවේ මෙම ව්‍යාපෘතිය ගැටළුකාරී තත්ත්වයට පත් වූ අතර, මේ වනවිට මෙහි ප්‍රගතිය 30% ක් පමණ වේ. ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සඳහා ඩොලර් මිලියන 500ක පමණ මුදලක් අවශ්‍ය වේ. ඊට අවශය අරමුදල් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ අනිකුත් මූල්‍ය ආයතන සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යනු ලැබේ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දෙවන අදියර යටතේ උතුරු මැද පළාත් ඇළ යකල්ල දක්වා වූ කොටස වසර 4කින් නිම කිරීමට සැලසුම් කර තිබේ. මේ යටතේ උස් බිම් ඉඩම් හෙක්ටයාර් 5000ක අපනයනය කළ හැකි කෘෂි වගාවන් වන අඔ, පේර, දෙළුම්, අන්නාසි, වැල්දොඩම් වැනි පලතුරු වගා කෙරේ.

ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී පැන නඟින් ගැටළු හමුවේ එම ගැටළු විසඳා ගනිමින් ව්‍යාපෘතියේ කටයුතු අදාළ කාලසීමාව ඇතුළත අවසන් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ව්‍යාපෘති භාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

WhatsApp Image 2025-10-22 at 14.23.10 

WhatsApp Image 2025-10-22 at 14.23.11 

WhatsApp Image 2025-10-22 at 14.23.12 

WhatsApp Image 2025-10-22 at 14.23.13 

WhatsApp Image 2025-10-22 at 14.23.101 

WhatsApp Image 2025-10-22 at 14.23.131 

 

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය