
දේශීය කිරි කර්මාන්තය නඟා සිටවන ජාතික වැඩසටහන “කිරි ඉතිරෙන රටක්” යන තේමාවෙන් ක්‍රියාවට නංවනු ලබන Dairy Hub වැඩසටහන අද (8) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
මෙහිදී කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පැමිණ සිටි පිරිසට මෙම ජාතික වැඩපිළිවෙලෙහි අරමුණ පැහැදිලි කළේය. අනතුරුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිකා ප්‍රනාන්දු මහත්මිය Dairy Hub වැඩසටහනේදී අමාත්‍යාශයීය කාර්යභාරය සම්බන්ධයෙන් අදහස් පළ කළාය. Dairy Hub වැඩසටහන සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමේදී වසරකට රුපියල් මිලියන 3000 ක් අවශ්‍ය වේ. එහිදී අමාත්‍යාංශ භාණ්ඩාගාර මුදල්, පළාත් භාණ්ඩාගාර මුදල් සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු භාණ්ඩාගාර මුදල් අවශ්‍ය වන බව මෙහිදී පෙන්වා දෙන ලදී.
‘කිරි ඉතිරෙන රටක්’ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 12 ක් පශු වෛද්‍ය කොට්ඨාස 201 ක් ආවරණය කරමින් Dairy Hub පිහිටුවන අතර, ගොවි පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා ක්‍රියාකාරී පස් අවුරුදු සැලැස්මක් සකස් කරන අතර, මෙම වැඩපිළිවෙල මාසිකව ප්‍රගතිය විමසා බලමින් පසු විපරම් කිරීම තුළින් Dairy Hub වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාමට පියවර ගෙන තිබේ.
වෛද්‍ය එච්.එච්.ඒ සිසිර පියසිරි මහතා විසින් Dairy Hub සංකල්පයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කළේ අමාත්‍යාංශයේ පශු සම්පත් සැලසුම් අංශයේ අධ්‍යක්ෂ වශයෙනි. ඔහු මෙම දියර කිරි කර්මාන්තයේදී කිරි ගොවීන් මුහුණ දෙන ගැටළු සහ දුෂ්කරතා පොදුවේ ප්‍රායෝගිකව විසඳා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
වෛද්‍ය පියසිරි මහතා මෙම ජාතික වැඩපිළිවෙළෙහි මූලික ඉලක්ක පිළිබඳව අදහස් දැක්වූයේය. ඒ අනුව ප්‍රදේශයේ භෝග වගා කරන ගොවීන් අතර අතුරු භෝගයක් ලෙස තෘණ වගාව ප්‍රචලිත කිරීම, සතුන්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, සත්ත්ව ආහාර සුලභ කිරීමේ තාක්ෂණය,
සත්ත්ව රෝග පාලනය, පිරිසිදු කිරි නිෂ්පාදනය හා අගය එකතු කිරීම ලාභ පාඩු ගොවිපළ විශ්ලේෂණය, ගැටළු විසඳීම යන ඉලක්ක මේ හරහා සපුරා ගැනීමට අපේක්ෂා කරයි.
පශු සම්පත් සංවර්ධනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳ සත්ත්ව අභිජනන, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මහින්ද ඒකනායක මහතා පැහැදිලි කළේය. ඉදිරි වසර පහ තුළ Dairy Hub වැඩසටහනේ ඉලක්ක වෙත යාම එතරම් අපහසු කාර්යයක් නොවන බව ඒ මහතා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාව පශු වෛද්‍යවරුන්ගේ සහ දේශපාලන අධිකාරියේ අදහස් සමපාත වූ ස්වර්ණමය අවස්ථාවක් වන බව වෛද්‍ය ඒකනායක මහතා සඳහන් කළේ මෙම ජාතික වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය අගය කරමිනි.
මෙම අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
“මේ තාක් කල් සිටි සියලුම දාර්ශනිකයෝ ලෝකයේ තේරුම් කළහ. එහෙත් අපේ කාරණය වන්නේ ලෝකයේ විපර්යාස කිරීමයි.” යනුවෙන් කාල් මාක්ස් සඳහන් කළා. හැමෝම කරලා තියෙන්නේ කෙනෙක්ට විග්‍රහ කරන එක, නමුත් කාරණය නම් ලෝකයේ වෙනස් කිරීමයි. වෙනස් කිරීම යන කාරණයේදී අපේ රටේ සෑහෙන දුර්වලතා තියෙනවා.
“මිනිසා බිහි කළේ ශ්‍රමයයි.” එංගල්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ මිනිසා බිහි කරලා තියෙන්නේ අරමුණක් සහිතව. තවත් පැහැදිලි කරනවා නම්, නිෂ්පාදනයක් වෙනුවෙන්. මිනිසා බිහි කරන්නේ අරමුණක් සහිතව නිෂ්පාදනය සඳහා මැදිහත්වීමටයි.
රාජ්‍ය නිලධාරින් එක්ක ගැටිලා ඔබට මේ වැඩේ කරන්න බැහැ. මෙතන අපිට තියෙන අභියෝගය තමයි අපි නිලධාරීන් එක්ක වගේම ගොවි ජනතාව එක්ක වැඩ කරන එක. පුළුවන් තරම් උනන්දු වෙන්න ඕනි, දක්ෂ වෙන්න ඕනි. මානව සම්පත් කළමනාකරණය කරන්නේ අපේ රටට ඕනේ මැනේජර්ස්ලා. ඔවුන් තමයි, නායකයෝ වෙන්නේ. “හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු” රාජ්‍ය සේවයේ සේවයේ පහසුකම් අඩුයි. ඇත්ත තමයි, නමුත් සියලුම රාජ්‍ය සේවකයන්ටත් බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන් ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ.
නැහැ, බැහැ, මේක අරයා එක්ක කරන්න බැහැ, වගේ කතා වැඩක් නැහැ. ඕන මට අපේ අමාත්‍යාංශයේ ඕන නිලධාරියෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. අදාළ තැනට මැදිහත් වෙලා, මේ වැඩසටහන සාර්ථක කරගත යුතුයි. රටේ මානසිකත්වය තුළ තණකොළ වවන්න ඕනේ භෝගයක් ලෙස කියන දේ අපි ඇති කරගත යුතුයි. අදාළ ප්‍රදේශයේ ගොවිජන නිලධාරියා එක එකතුවෙලා තණකොළ භෝගයක් ලෙස වගා කරන්න ඔබ දක්ෂ විය යුතුයි. මේකට පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගත යුතුයි. රජය ලෙස අපි අවශ්‍ය මැදිහත් වීම කරනවා.
කවුරුත් එළදෙනුන් දහ දෙනෙකුගේ ගොවිපළක් කරන්න කල්පනාවක් නැහැ. වෘත්තීන් දහයක් විතර තියෙනවානේ. ඒවායින් හැලෙන කොටයි ගොවිතැනට යොමු වෙන්නේ. ගොවීන්ට වටිනාකමක් දීලා නැහැ නැහැ. ආර්ථික වශයෙන්ම් ගත් වෘත්තියක් බවට කෘෂිකර්මාන්තය පත් කර ගතහැකියි. මැදිහත් වෙලා මේ කාර්යය ජය ගනිමු.”
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පශු වෛද්‍යවරුන් සහ කිරි ගොවි සමිතිවල නියෝජිතයින් සහභාගී වූහ.
