MOA (1)

 

 

   



එක මිටට - ගොවි බිමට වැඩසටහනේ තවත් අදියරක් සියඹලාණ්ඩුව බුද්ධම හැවන්අරාවේදී

0H9A1258 1 

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය අනුව එක මිටට - ගොවි බිමට වැඩසටහන යටතේ මියාකෙටු ආර, යබරත්තාව වැව සහ බුදුරුවහින්න වැව්වල ඇළ මාර්ග සංවර්ධනය කිරීම, හැවන්අරාව වැවේ වැව් බැම්ම, සොරොව්ව, පිටවාන ප්‍රතිසංස්කරණය 2025/08/25 සියඹලාණ්ඩුව  බුද්ධම හැවන්අරාවේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාය.

මෙහිදී පැමිණ සිටි පිරිස අමතා අමාත්‍යවරයා අදහස් පළ කළේය.

අපි ජාතික වශයෙන් තීරණයක ඉන්නවා මේ වගේ අවස්ථාවලට දරුවන්ව සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. දේශපාලඥයෝ බුලත් දීලා පිළිගන්න අවශ්‍ය නැහැ කියන අදහසක අපි ඉන්නවා. ඉදිරියේදී කටයුතු කරද්දි ඒ ගැන හිතලා බලන්න

අපිට අපේ කෘෂිකර්මාන්තය විශාල පිම්මක් ඉස්සරහට ගන්න තියෙනවා. ගොවිජන ජීවිතය කියන දෙය හොඳටම කඩා වැටිලා තියෙන්නේ. ගොවිජනතාවගේ දුප්පත්කම නැති කරලා ඒ අය ටිකක් මධ්‍යම පාන්තික මට්ටමකට ගන්නයි අපිට උවමනා. අපිට ඕන දුප්පත් ගොවියෙක් නෙවෙයි. එය අසීරු වුවත් කළ යුතුම වැඩක්. ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයට අවශ්‍ය කරන ආයතන ටික ඔක්කොම එකම අමාත්‍යාංශයකට එකතු කරලා තියෙනවා. ඉස්සර තනි තනි න්‍යාය පත්‍රවලට දිව්වට දැන් එහෙම අවශ්‍ය නැහැ. අපි කරගත්ත පළවෙනි වෙනස්කම තමයි තැන් තැන්වල තිබුණු ජාතික මට්ටමේ කෘෂිකාර්මික ආයතන ටික ඔක්කොම එකම අමාත්‍යාංශයකට ගත්ත එක. සමහර කාලවල මහවැලියට විතරක් ඇමතිවරයෙක් ඉඳලා තියෙනවා.

ගොවිජනතාවත් සම්බන්ධ කරගෙන ගොවිජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ තැනකට අරගෙන එන්නත්, අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්නත් අපි අපේක්ෂා කරනවා. අපිට අපේ දරුවන්ට හිඟයක් නැතුව ආහාර ටික අපි හදාගන්න ඕන. ඒ වගකීම තමයි අපට තියෙන්නේ. ඒ සඳහා අපි වැඩසටහන් කිහිපයක් හදා ගත්තා. එක මිටට - ගොවි බිමට කියන වැඩසටහන සකස් කරද්දි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමාගේ සිට දිස්ත්‍රික්කවල වැඩ කරන හැමෝම සම්බන්ධ කරගත්තා. මේ වැඩසටහන් ලාල්කාන්තගේ වැඩසටහන් නෙවෙයි. අපි කොයිතරම් වැඩසටහන් ගෙනාවත් සල්ලි වෙන් කළත් ගමේ ගොවි සංවිධානයි ගොවි ජනතාවයි අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුයි ප්‍රදේශය භාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයයි මේ ජනමාධ්‍යයි මේ ඔක්කොම බිම් මට්ටමේදී අවශ්‍ය දේ වෙනවද නැද්ද වේගය ඇතිද හොරකම් දූෂණ වංචා සිදු වෙනවද සොයා බැලුවේ නැත්නම් මේ කාර්යය නිසියාකාරව සිදු වන්නේ නැහැ.

වාරිමාර්ග ප්‍රතිසංස්කරණවලදි අපි මුහුණදීපු බරපතල ගැටළුවක් තියෙනවා. අපිට මාස් කන්නය පටන් ගන්නවා ඔක්තොම්බර් 15න් පස්සේ. විද්‍යාත්මකව කියනවා නම් ඊසාන දිග මෝසමෙන් අපේ වැව් ටික පිරෙනවා. ඊට කලින් ‍අපි මේ ප්‍රතිසංස්කරණ සිදු කරගත යුතුයි. වෙන කිසිම ආයතනයකට මේ අභියෝගය නැහැ. එයාලට වර්ෂය පුරා සංවර්ධන කටයුතු සිදු කළ හැකියි. කෙටි කාල පරාසයක් තුළ මේ දේවල් සිදු කර ගැනීම අභියෝගයක්.දේශපාලන නායකත්වය, රාජ්‍ය සේවය සහ මහජනතාව තුන්ගොල්ලෝ එකතු වුණොත් මේ සංවර්ධන කටයුතු නිසියාකාරයෙන් අවසන් කර ගන්න පුළුවන්.

මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා, මොනරාගල දිස්ත්‍රික් ලේකම්, ප්‍රදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

AGRI2333 2 

AGRI2453 3

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය