
ඇමරිකානු එක්සත් ජනපදයේ තානාපතිය ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් අද (18) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ.
මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය ඇමරිකානු සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
අමාත්‍යවරයා මෙහිදී දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම මෙන්ම වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය. එසේම දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට එක්වෙමින් ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට එකඟතාවය පළ කළේය. එසේම කාලගුණ විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තයට සිදුවන අභියෝග ඵලදායී ආකාරයෙන් කලමනාකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ උපදේශන සහාය ලබා දීමට ද තානාපතිතුමිය සිය කැමැත්ත පළ කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. විකුමසිංහ මහතා, අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ශිරෝමනී එදිරිමාන්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
