MOA (1)

 

 

   



දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මෙතෙක් අත්කරගත් ප්‍රගතිය ලෝක බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් නිරීක්ෂණය කරයි

20241203 113503-1

ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක මූල්‍ය අධාරමත පළාත් 06ක් ආවරණය කරමින් දිස්ත්‍රික් 11ක ක්‍රියාත්මකවන දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, ගැටළු හඳුනාගැනීම, ධාරිතා ගොඩනැගීම සහ ඇගයීම සඳහා 13 වැනි ක්‍රියාත්මක කිරීමේ සහාය සහ සමාලෝචන මෙහෙයුමේ ලෝක බැංකුවේ විශේෂ නියෝජිත පිරිසක් ව්‍යාපෘති බල ප්‍රදේශවල සංචාරය කරයි.

ලෝක බැංකුව නියෝජනය කරමින්, කාර්ය කණ්ඩායම් නායක (TTL) සහ දූත මණ්ඩල නායක ආචාර්ය ෂෙවු සලාවු මහතා සමග උපදේශකවරුන් වන එස්. මනෝහරන් සහ මහාචාර්ය වී.කේ. රවිචන්ද්‍රන් යන මහත්වරු දකුණ, ඌව සහ නැගෙනගිර පළාත්වලට මෙලෙස පැමිණියහ. මීට අමතරව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම විශේෂඥ ආචාර්ය අතුල සේනාරත්න මහතාගේ නායකත්වයෙන් තවත් කණ්ඩායමක් උතුර සහ උතුරු මැද පළාත්වල දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ කටයුතු වල නිරත විය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියන් ප්‍රතිසංස්කරණය කරන ලද වැව්, පිට වාන්, ක්ෂේත්‍ර ඇල මාර්ග, වාන් දොරටු, වගා ලිං සහ විදුලි වැටවල් ඉදිකිරීම්, ක්ෂුද්‍ර වාරි පද්ධති, කෘමින්ගෙන් වගාව ආරක්ෂාකරන දැල් සහ   සූර්ය කෝෂ භාවිතයෙන් ජල පොම්ප ලබාදීම් මෙන්ම, වගා ක්ෂේත්‍ර, අගය එකතු කළ නිෂ්පාදන අලෙවි කරන ගොවින්, ගොවි ව්‍යපාරික පාසල් වැඩසටහන්   සහ එල්ලංගා කළමනාකරණ කමිටු රැස්වීම් දැකගත ගැනීමට ලෝක බැංකු නියෝජිතයන්ට හැකි වීය. මෙම සංචාරයේදී ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබන ගොවින් සමග අදහස් හුවමාරු කරගැනීමටද ලෝක බැංකු නියෝජිත කණ්ඩායමට අවකාශ සැලසිණි.

සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සහ ලෝක බැංකුවේ මූල්‍ය ආධාරවලින් උපරිම ප්‍රයෝජනයක් ගන්නේද යන්නත් මෙම ලෝක බැංකු කණ්ඩායම සොයා බලයි.

 

DSC 0208 copy-2

n (1)-3

n (15) f-4

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය