Header jpg

   



ගංවතුර නිසා පශු සම්පත්වලට ඇතිවිය හැකි රෝගවලින් ආරක්ෂා වීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් රුපියල් මිලියන 08ක ඖෂධ පිරිනමයි.

JICA 1-2

මේ වනවිට බලපා තිබෙන ගංවතුර තත්ත්වය නිසා ගව, එළු, කුකුළු හා ඌරන් වැනි පශු සම්පත්වලට වැළඳිය හැකි රෝගවලින් එම පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් අද දින (03) රුපියල් මිලියන 08ක් වටිනා ඖෂධ තොගයක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පිරිනමනු ලැබීය.

මෙම ඖෂධ තොගයට ප්‍රතිජීවක ඖෂධ, නික්ෂේපන සදහා යොදා ගන්නා ඖෂධ විශාල ප්‍රමාණයක් ඇතුලත් වේ. පශු සම්පත් සඳහා ඖෂධ තොගය සංකොත්තාමකව බාර දීමේ අවස්ථාවට JICA ප්‍රධාන නියෝජිත Mr.Yamada Tetsuya, නියෝජිතයින් වන Mr. Mizuno Tsuyoshi හා Senior Representative Mr. Noguchi Takuma හා ව්‍යාපෘති විශේෂඥ ප්‍රසාද් නිශ්ශංක මහතා ඇතුළත් පිරිසක් සහභාගි වූහ.

මෙම ඖෂධ තොගය පළාත් 09ම නියෝජනය වන පරිදි පශු සම්පත් ක්ෂේත්‍රයේ යෙදී සිටින ගොවීන් සඳහා ‌ෙබදා දීමට නියමිත අතර ඒ සඳහා එම ඖෂධ තොගය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර පවතින වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය නිසා පශු සම්පත් අංශවලට සිදුව ඇති හානිය සම්බන්ධව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

පසුගිය දින දෙකෙහි පැවැතිඅධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට බලපෑ ගංවතුර හා ජලගැලීම් හේතුවෙන් ඌරන් සහිත ගොවිපොළ රැසක් විනාශ වී ඇකි බවත්, කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ රැසක් විනාශ වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ව්‍යාපාරික මට්ටමේ එළවළු වගාවන් රැසක් විනාශ වී ගොස් ඇති නිසා එළවළු මිල ඉදිරි කාලයේ දී ඉහළ යාමේ අවදානමක් ද පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම මාළු මිල ගණන් ඉහළයාම නිසා කුකුළු මස් හා බිත්තර පරිභෝජනය මේ වනවිට ඉහළ ගොස් ඇතත්, මෙම අවස්ථාවේ කුකුළු මස් ඉහළ නොදැමීමට කුකුළු නිෂ්පාදන සමාගම් හා කුකුළු ගොවිපොළ අයිතිකරුවන් තමන් සමග කළ සාකච්ඡාවලදී එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජානක ධර්මකීර්ති හා අමාත්‍ය උපදේශක කේ. එච්. කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සමාජීය

Facebook
                        

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය