කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



මෙරට තල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොල තුළ පවතින ඉල්ලුමට අනුව සැපයීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.

 GRI4863 1

මෙරට තල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයෙහි නිරත අපනයනකරුවන් ඇගයීමේ උත්සවයක් අද (15) දින පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට විදේශ තානාපතිවරු ඇතුළු ඉහළ නිලධාරීන් සහ තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවෝ රැසක් සහභාගී වී සිටියහ.

මෙහිදී නව නිෂ්පාදනයක් ලෙස තල් රා, නව ඇසුරුමකින් අන්තර්ජාතික වෙළඳපොළට හඳුන්වාදීම සිදු වූ අතර, තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන ලද ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන කිහිපයක් ද හඳුන්වා දෙනු ලැබිණි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය. අප රටේ තල් ගස් මිලියන 11ක් තිබෙනවා. නමුත් ඉන් ප්‍රයෝජනයට ගන්නේ 40%ක් පමණයි. ඉතිරි තල් ගස් සියයට හැටම තවමත් නිසි ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැහැ.

අද නව ඇසුරුමකින් නව නිෂ්පාදනයක් ලෙස හඳුන්වාදෙන තල් රාවලට රටවල් ගණනාවක ඉහළ ඉල්ලුමක් තිබෙනවා. විශේෂයෙන් කැනඩාව සහ ප්‍රංශය වැනි රටවල් කිහිපයක් මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ඉදිරිපත් වී සිටිනවා. මෙම කර්මාන්තය නංවාලීම මඟින් ඉහළ ආදායමක් ලබා ගත හැකි වුවත්, මෙතෙක් තල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයක් ලෙස සංවර්ධනය වී නොතිබීම ගැටළුවක්.

එම නිසා මෙරට තල් කර්මාන්තය අනෙකුත් වැවිලි බෝග අතර ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනවා. මෙම වසරේ ගතවූ මාස 10 තුළ රුපියල් මිලියන 78ක ආදායමක් උපයා තිබෙනවා.

එම නිසා තල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය මඟින් මීට වඩා ආදායමක් උපයාගත හැකිව තිබෙනවා. එම නිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ලබා දිය හැකි සියලු සහයෝගය රජය වශයෙන් අපි ලබා දෙනවා යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

 GRI4935 2   GRI5030 3

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය