කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



මහජන චීනයේ නවීන කෘෂිකාර්මික තාක්ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ලබාදීම සඳහා සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

0H9A1583 1

ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Qi Zhenhong මහතා අද (17) දින පෙරවරුවේ හම්බන්තොට අගුණකොලපැලැස්සේ නිල සංචාරයක නිරත විය. කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ආරාධනය පරිදි අගුණකොලපැලැස්සේ නිල සංචාරයක නිරත වූ තානාපතිවරයා චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට පරිත්‍යාග කරන ලද ඉන්ධන සහනාධාරය හම්බන්තොට ගොවි ජනතාවට නිකුත් කිරීමේ නිල උත්සවයට ද සහභාගී විය.

චීන රජය විසින් මෙරට කෘෂිකර්ම හා ධීවර කර්මාන්ත සඳහා ඩීසල් ලීටර මිලියන 10.9ක් පිරිනමනු ලැබීය. ඉන් ලීටර මිලියන 6.98ක් කෘෂිකර්මාන්තය සඳහා වෙන් කරනු ලැබීය.

අගුණකොලපැලැස්සේ ඉන්ධන පිරවුම්හලක පැවති උත්සවයක දී ගොවි ජනතාවට ඉන්ධන ලබාදීම සිදු කරනු ලැබීය. එහිදී අදහස් පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා සෑම සහයෝගයක්ම ලබාදෙන බවත්, විශේෂයෙන් චීනයේ ජනතාව විසින් භාවිතා කරන නව කෘෂිකාර්මික තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකාවේ ගොවිජනතාව නඟාසිටුවීම සඳහා චීන රජය විසින් ලබාදුන් සහයෝගය අතිශයින් අගය කරන බවත්, තානාපතිවරයා සමඟ සිදු කරන ලද සාකච්ජාවේ දී චීන රජය භාවිතා කරන නව කෘෂිකාර්මික දැනුම හා තාක්ෂණය ලංකාවේ ගොවි ජනතාවට ලබාදීමට එකඟතාවය පළ කරන ලද බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්.එල්.ඒ.අබේරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

මේ අතර චීන තානාපතිවරයා වීරකැටිය අත්තනයාල, බිඳුම්කඩුල්ල යායේ අස්වනු නෙලීමේ අවස්ථාවට ද සහභාගී විය. එහිදී අත්තනයාල ගොවීහු විශාල පිරිසක් ඒ මහතා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

0H9A1613 2

 

වීඩියෝ 

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය