කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පත් කිරීම සිදු කරන ලද අතර කෘෂි තාක්ෂණය පිළිබඳව ඉහළ දැනුමක් ඇති මාලතී පරසුරාමන් මහත්මිය මෙතෙක් එම තනතුරට පත් වූ එකම ද්‍රවිඩ කෘෂිකාර්මික ක්‍රියාකාරිනිය ද වන්නේය. එමෙන්ම මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස මෙතෙක් කටයුතු කළේය.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ ගණනාවක් මාලතී පරසුරාමන් මහත්මිය විසින් සිදු කර තිබේ. විශේෂයෙන් ගන්නෝරුව A9 මෑ ප්‍රභේදය, HOB – 2 නමැති ප්‍රථම බෝංචි ජානමය පර්යේෂණය හඳුන්වා දීම, HORDI TOMATO HY3 තක්කාලි ප්‍රභේදය හඳුන්වා දීම, දෙමුහුන් නව මාලු මිරිස් ප්‍රභේදයක් වන “ප්‍රාර්ථනා” හඳුන්වා දීම යනාදී වශයෙන් පර්යේෂණ රැසක් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂිකාවක් වශයෙන් කටයුතු කළ අවදියේදී සිදු කර ඇත.
මේ අතර මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් පසු ගිය දා වැඩ භාර ගත්තේය.