මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම ආරම්භ වේ.

20221028095446  H9A0889 1

 

2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000ක් රැගත් පළමු නෞකාව පසුගියදා  කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දක් වනඅ තර එම පොහොර ගොඩබෑමේ කටයුතු අද දින (28) ආරම්භ විය.

එම කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඇතුළු අද දින (28) පෙරවරුවේ සහභාගි වූහ.

ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක් ණය වශයෙන් ලබා දීමට පියවර ගත්තේය. මෙම ණය මුදල යටතේ අපේ මෙවර මහ කන්නයේ දී වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවේ නියෝජිත පිරිස නිරන්තර අධීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබා දුන්නේය. එමනිසා යුරියා පොහොර මිල දී ගැනීමේ දී කිසිදු අක්‍රමිකතාවයක් සිදු නොවීමට වගා බලා ගැනීමට හැකිවිය.

මෙම පළමු යුරියා පොහොර තොගය මඩකලපුව හා අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වී වගාව සඳහා පළමු, දෙවන හා තෙවන පොහොර යෙදීම සඳහා සම්පූර්ණ අවශ්‍යතාවයම එක්වර ලබා ගැනිමට හැකි වන පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ.

මාස් කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැතත් වී වපුරා දින 14ක් තුළ යෙදිය යුතු පළමු යුරියා පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණයන් මේ වනවිටත් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගෙන තිබේ.

මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කැඳවන ලද දෙවන ටෙන්ඩරය අනුව මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ලඟා වීමට නියමිතය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 105ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් මම රජය වෙනුවෙන් ලෝක බැංකුවට කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම ලෝක බැංකූව පොහොර මිල දී ගැනීමේ කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් පුසම්පාදන කටයුතු විනිවිදභාවයෙන් යුක්තව පවත්වාගෙන යාමට අපිට නිරන්තරයෙන් සහයෝගය දුන්නා.

අද අපි මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 7500ම අපි ලබා දෙනවා. ඒ වගේම අනෙකුත් දිස්ත්‍රික්කවලටත් අපි මේ වනවිටත් පළමු මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැර අවසන් කර තිබෙනවා. ඒ වගේම ලබන මාසේ අවසන් සතිය වනවිට ගොවීන්ට අවහ්‍ය යුරියා හා බණ්ඩි පොහොර යන පොහොර වර්ග දෙකම අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා.

පසුගිය යළ කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර මිටිවල නියමිත බර නැතැයි කියමින් සමහරු දොස් කිව්වා. ඒ නිසා මම අද මාධ්‍ය ඉදිරියේ ම බර කිරා බැලූවා. අපි අහඹු ලෙස පරීක්ෂා කළ හැම පොහොර මිටියකම කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර තිබුනා.

ගොවි නියෝජිතයින් කියා ගන්නා සමහර පිරිස් ගොවි ජනතාව අකර්මණ්‍ය කිරීමේ අත්සාහයක නිරතව සිටිනවා. අපි රජය වශයෙන් ගොවි ජනතාවට තවත් සහන විශාල ප්‍රමාණයක් ඉදිරියේ දී ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ලෝක වෙළෙඳ පොළේ යුරියා පොහොර මිල ඉහළ ගියත් මෙවරත් අපි පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලට ලබා දෙනවා.

ඒ නිසා අපි රජය වශයෙන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවර මහ කන්නයේ වගාව සඳහා බය නැතිව වගා කරන්න කියළා අපි ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

20221028095457  H9A0898 2 20221028095537  H9A0904 (1) 3 20221028095740  H9A0947 (1) 4

 

 

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : service@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය