2025 වර්ෂයේ අතිරේක ආහාර බෝග වගා ප්‍රවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රු.මි. 150 ක ප්‍රතිපාදන වෙන් වූ අතර එහි පළමු අදියර ලෙස රු.මි. 25 ක ප්‍රතිපාදන යටතේ යාපනය, මඩකලපුව, කිලිනොච්චි හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල උඳු හා මුං බෝග වගාව සිදුවිය.
දෙවන අදියර යටතේ රු.මි. 125 ක ප්‍රතිපාදන වෙන් වූ අතර මේ යටතේ මුං, උඳු, රටකජු හා කව්පි යන අතිරේක ආහාර බෝග වගාවන් ප්‍රවර්ධනය සඳහා බීජ සහනාධාර ලබා දීම සිදු විය. තවද මෙම වැඩසටහන යටතේ තුන්වන කන්නයේ මුං වගා වැඩසටහන ක්‍රියාත්මක වූ අතර එහිදී 50% දායකත්වය යටතේ ප්‍රතිලාභීන්ට මුං බීජ ලබා දීම සිදුවිය.