MOA (1)

 

 

   



ආහාර සුරක්ෂිතතාවය සහ තාක්ෂණය වැඩසටහන - 2025

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශය මඟින් සෑම වර්ෂයකදීම ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහනකි.

2025 වර්ෂයේද මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර රු. මි. 550 ක ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන් කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු අමාතයාංශය යටතේ පවතින ආයකන මඟින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම මුදල් වෙන් වී පවති. මෙහිදි දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබව කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘති වෙනුවෙන් මෙම වසරේ මෙතෙක් රු. මි. 105.507 ක ප්‍රතිපාදන ලබා දී ඇත. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව තුල ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. බෝග වගාවන් සඳහා වන සත්ත්ව හානි අවම කිරීම, නව තාක්ෂණික දැනුම භාවිතය පිළීබඳ ගොවින් පුහුණු කිරීම හා වගාවන් සඳහා හඳුන්වා දීම, එළවළු සහ පළතුරු වගාව ප්‍රචලිත කිරීම වැනි දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා රජයේ උපරිම දායකත්වය 50% වන අතර ප්‍රතිලාභියා විසින් 50% දායකත්වයක් දැරිය යුතුය. එක් ප්‍රතිලාභියකු සඳහා උපරිම රජයේ දායකත්වය රු. 500,000.00 ක් පමණි.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය