MOA (1)

 

 

   



අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් එක්රැස් කිරීම අද සහ හෙට දෙදින තුළ දිස්ත්‍රික්ක 24හි ස්ථාන 24ක දී සිදු කෙරේ.

2022/23 මහ කන්නයේ දී ලද අස්වැන්නෙන් පළමු කොටස ශ්‍රී මහා බෝධින්වහන්සේ උදෙසා පිරිනැමීමට වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රේල් මස 01 හා 02 දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා තිබේ.

ඒ අනුව අළුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාවගෙන් අලුත් සහල් එක්රැස් කිරීමේ වැඩ සටහන් රැසක් දිස්ත්‍රික්ක 24 තුළ අද හා හෙට දෙදින තුළ ස්ථාන 24ක දී සිදු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් එක්රැස් කිරීම හෙට දින (25) පෙරවරුවේ ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

2023 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 02 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් අභියස දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන්ලා ඇතුළු මැතිඇමැතිවරුන් මෙන්ම ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් සහභාගිත්වයෙන් සිදු කෙරේ.

සමාජීය

fbFacebook

 

ytpngwing.comYouTube


                        

 

 

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය