කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



ගල්ඔය වැවිලි සමාගම ඔවුන්ගේ උක් වගාවට අවශ්ය් සියලු කාබනික පොහොර නිෂ්පාදනය කරයි.

වසරකට මෙට්‍රික් ටොන් 7500ක නිෂ්පාදනයක්.

agc media image 01

අම්පාර ගල්ඔය වැවිලි සමාගමේ මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (2021.07.29) නිරීක්ෂණය කළා.


කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂවනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම නිරීක්ෂණයට එක්ව සිටියා. ගල්ඔය වැවිලි සමාගම සතු උක් වගා බිම්වලට අවශ්‍ය සියලු කාබනික පොහොර නිෂ්පාදනය වෙමින් පවතින ආකාරය මෙහිදී අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට ලක්වුණා. ගල්ඔය වැවිලි සමාගමේ කර්මාන්තශාලාවෙන් ඉවතලන සියලු අපද්‍රව්‍ය හා කොටස් 100%ක්ම ප්‍රායෝජනයට ගනිමින් වසරකට අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 7500ම එම සමාගම නිෂ්පාදනය කරනු ලබනවා. එසේ නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර 25Kgක් ගොවීන්ට රු.275ක සධාරණ මිලට ලබාදීමද විශේෂත්වයක්. කාබනික කොම්පෝස්ට් පොහොරොවලට අමතරව කාබනික දියර පොහොරජෛව පොහොර ඇතුළු ඉතා සාර්ථක නිෂ්පාදන රැසක් ගල්ඔය වැවිලි සමාගම නිෂ්පාදනය කරනවා. දැනටමත් ඉතා සාර්ථකව කාබනික පොහොර භාවිතයෙන් ගල්ඔය වැවිලි සමාගම උක් වගාව සිදු කරමින් සිටිනවා. දැනට තම සමාගමට අයත් ගොවි ජනතාවට කාබනික පොහොර මෙසේ නිෂ්පාදනය කළත්, දිවයිනේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි එම්.එම්.ඩී. සුරත් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

 

රසායනික පොහොර හා රසායනික දියර නොමැතිව වගාකළ නොහැකි බවට ගෙනයනදැවැන්ත ප්‍රචාරයට ගල්ඔය වැවිලි සමාගමේ මහා පරිමාණ කාබනික පොහොර වැඩසටහන මහත් ආදර්ශයක් ලෙස දැකිය හැකියි. ඉතා සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන ගල්ඔය වැවිලි සමාගම ක්‍රියාත්මක කරමින්, පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මයට ධනාත්මක ප්‍රවිෂ්ටයක් ගල්ඔය වැවිලි සමාගම මඟින් රටටම ලබාදී ඇති බව මෙම නිරීක්ෂණ චාරිකාවේදීහෙළිවුණා.

 

agc media image 02  agc media image 03

agc media image 04  agc media image 05

agc media image 06  agc media image 07

agc media image 08  agc media image 09

\agc media image 10

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය