English (UK)SinhalaSriLankaTamilIndia


දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ මඩකලපුවේ ව්‍යාපෘති බලප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රයෝජනය සදහා රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් පාංශු සමීක්‍ෂණ කට්ටල 10ක්

Untitled-1

ලෝක බැංකුවේ මුල්‍යාධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ මඩකලපුවේ ව්‍යාපෘති බලප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රයෝජනය සදහා රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් පාංශු සමීක්‍ෂණ කට්ටල 10ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඊයේ (26 වන දින ) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මඩකලපු නියෝජ්‍ය කොමසාරිස් කාර්යාලයේදී කෘෂිකර්ම උපදේශකවරුන් (AIs ) වෙත උත්සවාකාරයෙන් බෙදා දෙන ලදී.

එමෙන්ම අනුරාධපුර, පොලොන්නරුව , කුරුණෑගල, පුත්තලම, කිලිනොච්චි , මුලතිව්, ත්‍රිකුණාමලය, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට යන සෙසු ව්‍යාපෘති බල ප්‍රදේශ වල කෘෂිකර්ම උපදේශකවරුන් වෙත ඉතා ඉක්මනින් පාංශු සමීක්ෂණ කට්ටල බෙදා දීමට නියමිතය.

මෙම පාංශු සමීක්ෂණ ක්‍රියාවලියේ ඉලක්කය වන්නේ අදාල පොහොර නිර්දේශ ලබාදීමට හැකිවන පරිදි පසේ සාරවත්බව පිළිබද නිවැරදි තක්සේරුවක් ලබා දීමය.  පාරිසරික ගුණාත්මක බව කෙරෙහි පොහොර වල ඇති බලපෑම පිළිබද දැනුවත්භාවය වැඩිවීමත් සමග පොහොර යෙදීම අවශ්‍ය නොවන හා අඩුවෙන් පොහොර යෙදීම අවශ්‍ය ස්ථාන  නිශ්චය කිරීම සදහා පාංශු පරීක්ෂණ උපයෝගී කර ගත හැකි වනු ඇත. පසේ පවත්නා කාබනික අන්තර්ගතය, PH අගය, ක්ෂුද්‍ර පෝෂක මට්ටම (නයිට්‍රිජන් , පොස්පරස් සහ පොටෑසියම් ) මුලික පාංශු සමීක්ෂණ තුලින් නිවැරදිව හදුනාගත හැකිය.

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් 2019 වර්ෂයේ සිටම දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ . ඒ අනුව ශ්‍රී ලංකාවේ වියලි දේශගුණ තත්වයන් සහිත දිස්ත්‍රික් 11 ක ගොවිපවුල් සදහා දේශගුණ අනුවර්තික කෘෂිකාර්මික කටයුතු වල නියැලීමට ආධාර අනුබල ලබාදීම හා අවශ්‍ය වාරිමාර්ග පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ . ලෝක බැංකුවේ මුල්‍යාධාර සැපයෙන මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇ .එ .ජ . ඩොලර් මිලියන 125 ක් වන අතර ඊට ලෝක බැංකු දායකත්වය ඇ .එ .ජ . ඩොලර් මි 110 කි.ව්‍යාපෘති වල ප්‍රදේශය තුල ගොවිපවුල් 60,000 කට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සුළු හා මාධ්‍ය පරිමාණ වාරිමාර්ග යෝජනා ක්‍රම 1700ක් මෙම ව්‍යාපෘතිය යටතේ පුනරුත්ථාපනය කෙරේ. තවද රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරනු වස් අවශ්‍ය අතිරේක සහාය මෙම ව්‍යාපෘතිය මගින් රජයට ලබාදෙනු ඇත.

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන , ගෘහස්ථ සත්ව පාලන ප්‍රවර්ධන හා සුළු ආර්ථික බෝග වගාවන් පිළිබද රාජ්‍ය අමාත්‍ය ගරු සිතාසිවම් වයලෙන්දිරන් , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ නිලධාරීන් සහ ගොවින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

2 1624764420619 edit

Agriculture Instructors in Batticaloa who received soil testing kits

Untitled-1

Minister Hon. Mahindananda Aluthgamage hands a soil testing kit over to an Agriculture Instructor

 


Last Updated on සදුදා, 28 ජුනි 2021 08:24

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය