English (UK)SinhalaSriLankaTamilIndia


මහකන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ආයතන රැසක පූර්ණ දායකත්වය

image 03

එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මැතිතුමාඅමාත්‍යාංශ රැසක ලේකම්වරුන්රාජ්‍ය සංස්ථාමණ්ඩල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් යුධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බලකාය ප්‍රධානින් නියෝජනය කරමින් එහි නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වුණාමේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු බොහෝ ආයතන ආරම්භ කර ඇති බව මෙහිදී ඔවුන් හෙළි කලාහෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර 500kg ක් ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් 5 kg ක් පොටෑසියම් 35kg හා ජෛව පොහොර ලීටර් 10 ක් නිර්දේශ කර තිබෙනවාවගා කෙරෙන හෙක්ටයාර ලක්ෂ 16 වෙනුවෙන් මෙම නිර්දේශයන්ට අනුව කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා සියලු ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම රජයේ අරමුණයිමීට අමතරව හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10000 ක මුදලක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

 

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම්තාක්ෂණයයන්ත්‍ර සූත්‍රඋපකරණ අවශ්‍ය පරිදි ලබා දීමටද පියවර ගෙන තිබෙනවාපළාත් පාලන ආයතනජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයමිල්කෝ සමාගමකෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඒ ආශ්‍රිත ගොවිපළවල්ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු වතු සමාගම්ලංකා පොස්පේට් සමාගමඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයපළාත් සභාමහවැලි අධිකාරියවාරිමාර්ග දෙපාර්තමේන්තුවධීවර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක්ජල සම්පාදන මණ්ඩලයසමුපකාර දෙපාර්තමේන්තුවයුධ හමුදාවසිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආදී බහුවිධ ආයතන කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීමට අවශ්‍ය නිෂ්පාදන කටයුතු කිරීමට පියවර ගෙන අවසන්රණවිරු සේවා අධිකාරිය හරහා ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේද ආර්ථිකය නගා සිටුවමින් කාබනික පොහොර නිෂ්පාදනයට යුධ හමුදා ගම්මාන ආශ්‍රිත විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව රණවිරුසේවා අධිකාරියේ සභාපතිතුමිය මෙහිදී ප්‍රකාශ කළාඉදිරි සතියේ ඒ ඒ ආයතන ජාතික පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණය දැනුම් දෙන බව මෙහිදී ප්‍රකාශ කළා.

එළඹෙන මහ කන්නය වෙනුවෙන් සැප්තැම්බර් මුල වන විට නිෂ්පාදනය කළ හැකි කාබනික පොහොර ප්‍රමාණයන් පිළිබඳ මෙහිදී දීර්ඝව සාකච්ඡා කළාසියලු පුද්ගලයින් හා ආයතන නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් හරහා ගැටලුවකින් තොරව මිළට ගැනීමටද වැඩපිළිවෙල සකස්කර අවසන්වස විස නැති පාරිසරික කාබනික කෘෂිකර්මය තුළින් ලෝකයේ කාබනික ගෙවත්ත ශ්‍රී ලංකාව කිරීමට මේ අයුරින් හැකි සියලු දේ කාර්යක්ෂමව සිදු කරමින් සිටින බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේගොවි ජනතාවත්රටේ ජාතික නිෂ්පාදනයටත්පාරිභෝගිකයාටත්කාබනික ගොවිතැන තුලින් නිරෝගි පරපුරක් බිහිකරන උතුම් වැඩපිළිවෙලටත්කිසුදු අවැඩක් සිදු නොවන ප්‍රායෝගික වැඩපිළිවෙලක් සියල්ලන්ගේ සහයෝගයෙන් එක රටක් එකම වැඩ බිමක් ලෙස ක්‍රියාත්මක කරමින් පාරිසරික කාබනික කෘෂිකර්මාන්තයෙන් රට ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.

image 02  image 03

image 04

 image 05


Last Updated on සදුදා, 21 ජුනි 2021 08:41

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය