කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



ගොවි නිෂ්පාදන මිලදී ගැනීමේදී මෙන්ම පාරිභෝගිකයාට එළවළු මිලට ගැනීමේදි කිසිදු අවහිරයක් වෙන්න ඉඩ දෙන්න එපා.

0H9A0809

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් දෙයි.

 

  • ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීතිරීති අකුරටම ක්‍රියාත්මක කරන්න.
  • ආරක්ෂාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙන්ම අවශ්‍යතාව පරිදි පොලිසිය, හමුදාව යොදවන්න.
  • දඹුල්ල වසා දැමීම අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි වැඩපිළිවෙලක් සකසන්න.

 

පවතිනකොවිඩ්වසංගතතත්ත්වයහමුවේදඹුල්ලආර්ථිකමධ්යස්ථානයදින 14කටවසාදැමුවදකොළඹඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එය බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක්  සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දෙනු ලැබුවා. දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කලමනාකරුවන් අමාත්‍යාංශයට කැඳවා පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් දෙනු ලැබුවේ. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් අනිල් විජේසිරි ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම් නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීතිරීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත්, ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා ලෙසත් මෙහිදී අමාත්‍යවරුන් අවධාරණය කළා. දඹුල්ල වසා දැමීමෙන් ගොවි නිෂ්පාදන අලෙවියට අපහසුතා මතු නොවන පරිදි වෙනත් ආර්ථික මධ්‍යස්ථාන හා විකල්ප ක්‍රම යොදන ලෙසද අදාළ නිලධාරීන් මෙහිදී දැනුවත් කළා.ආර්ථිකමධ්‍යස්ථානවලට උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ උෂ්ණත්වමාන ඇතුළු අවශ්‍ය උපකරණ වහාම ලබාදෙන ලෙසද මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දෙනු ලැබුවා. දඹුල්ල වසා දැමීම හෝ කොවිඩ් තත්ත්වය හමුවේ ගොවි නිෂ්පාදන මිලදී  ගැනීමේ ක්‍රියාවලියට කිසිදු අවහිරයක් සිදු නොවිය යුතු බවත්,එමෙන්ම එළවළු හා පලතුරු මිල ඉහළ දැමීම කිසිසේත් සිදු නොවිය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළා. වෙළ සංගම්වල සෘජු මැදිහත්වීම මේ සහා අවශ්‍ය බවත්, ඊට අවශ්‍ය වැඩපිළිවෙල වෙළ සංගම් හා ආර්ථික මධ්‍යස්ථානවල කලමනාකාරීත්වය එක්ව ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍යවරුන් මෙහිදී උපදෙස් දෙනු ලැබුවා. පවතින තත්ත්වය හමුවේ ගොවියාත්, පාරිභෝගිකයාත් දෙදෙනාම අපහසුතාවයට පත්නොකිරීමට සියලු ආර්ථික මධ්‍යස්ථානවල කලමනාකරුවන් හා වෙළ සංගම් විධිමත්ව, සෞඛ්‍ය සම්පන්නව, වගකීමෙන් ඉටුකළ යුතු බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා.

 0H9A0812 0H9A0829

0H9A0824

  

 

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය