01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ඉදිරි සතියේ සිට උතුරේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා කිමිඳීම සැතපුම් පහක දුරින් පමණයි - වෙරළ සීමාව තහනම්. ධීවර අමාත්‍යාංශය

2019.09.19-2i

පේදුරුතුඩුවේ සම්ප්‍රදායික ධීවර රැකියාවේ නිරත වන ධීවරයින් සහ මුලතිව් වෙරළ තීරයේ සිට පේදුරුතුඩුව දක්වා කිමිඳී මුහුදු කූඩැල්ලන් අල්ලනු ලබන ධීවරයන් සමඟ පැවති සාකච්ඡාවේදී වෙරළ සිට සැතපුම් 05ක දුරින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වෙනුවෙන් භාවිතා කරන ලෙස කිමිඳුම්කරුවන්ට ධීවර අමාත්‍යාංශය උපදෙස් දෙන ලදී.

 

G.P.S. තාක්ෂණය ඔස්සේ එම සීමාව තීරණය කර සිතියම් ගත කර ඇතිබව එම අවස්ථාවේදී ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවරයන්ට පැවසීය.

 

එම තීරණය උල්ලංඝනය කරනු ලබන කිමිඳුම්කරුවන්ට නීතිමය පියවර ගැනීමටත් නාවික හමුදාවට උපදෙස් ලබා දීමට කටයුතු කරන බව එම සාකච්ඡාවේදී ධීවර දෙපාර්තමේන්තුව කළ යෝජනාවට දෙපිරිසම එකඟතාවය පළ කළේය.

 

මෙහිදී ධීවරයන් විසින් කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාට සිය ධීවර ගැටළු යොමු කළ අතර සම්ප්‍රදායික ධීවර කටයුතුවල නිරත උතුරේ පේදුරුතුඩුවේ ධීවරයන්ද නවීන ධීවර තාක්ෂණය මාළු ඇල්ලීම සඳහා යොදා ගත යුතු බවත් ඒ සඳහා තම අමාත්‍යාංශය ධීවරයන්ට අමතර උපදෙස් ලබා දීමට බැඳී සිටින බවත් අමාත්‍යාවරයා වැඩි දුරටත් පැවසීය.

 

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙඳආරච්චි මහතා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා සහ අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. 

2019.09.19-2ii 2019.09.19-2iii 2019.09.19-2iv

2019.09.19-2ix 2019.09.19-2v 2019.09.19-2vii

2019.09.19-2vii 2019.09.19-2x 2019.09.19-2xiii

2019.09.19-2xv  2019.09.19-2xvi 2019.09.19ivx


கடைசியாகப் புதுப்பிக்கப்பட்டது: வெள்ளிக்கிழமை, 20 செப்டம்பர் 2019 04:46

சமூக வலையமைப்பு

பார்வையாளர்கள் எண்ணிக்கை

Please install plugin HitCounter!

கமத்தொழில், கிராமிய பொருளாதார ௮லுவல்௧ள் ,
நீர்ப்பாசனம், மீன்பிடி மற்றும் நீரியல் வளங்௧ள் அபிவிருத்தி அமைச்சு

 இல. 288,

ஸ்ரீ ஜயவர்தனபுர மாவத்தை,

ராஜகிரியஇலங்கை.

 

தொ/பே: +94-11-2869553

தொலைநகல்: +94-11-2868910

மின்-அஞ்சல்:

இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.


பதிப்புரிமை - 2019 

கமத்தொழில், கிராமிய பொருளாதார ௮லுவல்௧ள் ,
நீர்ப்பாசனம், மீன்பிடி மற்றும் நீரியல் வளங்௧ள் அபிவிருத்தி அமைச்சு

சகல பதிப்புரிமைகளும் அமைச்சுக்குரியது 

 

 தீர்வு மூலம்